විකිපීඩියා:රචනාකරණ ශෛලිය පිළිබඳ මාර්ගෝපදේශ
From Wikipedia, the free encyclopedia
රචනාකරණයේ අත්පොත (බොහෝවිට MoS හෝ MOS ලෙස කෙටිනමකින් හැඳින්වෙන) යනු සියළු විකිපීඩියා ලිපි සඳහා ශෛලීය මාර්ගෝපදේශයක් වෙයි. මෙය MoS මුල් පිටුව වන අතර, (විරාම ලකුණ වැනි) සමහරක් ශෛලීය මාතෘකා සම්පූර්ණ වශයෙන් මෙහිදී ආවරණය කරන අතර, අනෙකුත් ඒවා සඳහා ප්‍රධාන කරුණු ඉදිරිපත් කරයි. MoS හී බොහෝ උපපිටු ඇති අතර, ඒවා වෙතින් සුවිශේෂීවූ මාතෘකා හෝ විෂය ක්ෂේත්රයන් හෝ පිළිබඳ සවිස්තර මාර්ගෝපදේශ සපයයි. මේවා සඳහා මෙම පිටුවෙහි මෙනුවේ බැඳි සපයා ඇති අතර, MoS පටුන පිටුවේ ලැයිස්තු ගත කර තිබේ.
මෙමගින් පරිශීලකයන්ට විකිපීඩියාව කියවීම පහසු කරයි. තොරතුරු ඉදිරිපත් කිරීමේ එක් ක්‍රමයක්, බොහෝවිට අනිකක් තරම් හොඳ විය හැකි නමුත්, මාර්ගෝපදේශයන්ට අනුකූතාවය දැක්වීම, විකිපීඩියාවේ ලිපිවල ගුණාත්මක බව, සරල බව, සහ ඒකාබද්ධතාවය වැඩිදියුණු කරයි. මූලධර්මය ඉක්මවා යාමට වෙනත් ලෙසකින් හොඳ හේතුවක් තිබේ නම් මිස ශෛලිය හා හැඩතල ගැන්වීම, ලිපියක් පුරා අඛණ්ඩව යෙදිය යුතුය වේ. (මුල් පෙළ දැක්වීම වැදගත් වන උද්ධෘතයන් දැක්වීමේදී හැර)
රචනාකරණයේ අත්පොත අවශ්‍ය භාවිතයන් නියම ලෙස විස්තර නොකරන්නේ නම්, ඔබේ වාද විෂයයන් මෙම අත්පොතේ සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. දකුණුපස ඇති මෙනුව, රචනාකරණ විලාශයන් වඩාත් විස්තර සහිතව ඉදිරිපත් කෙරෙන අත්පොත පිටු වලින් සමන්විත වේ.
බ්‍රිතාන්‍ය සහ ඇමරිකා (ඉංග්‍රීසි) විලාශයන් දෙකෙන් කවරක් වුව පිළිගනු ලැබුව ද, සැලකිය යුතු තරම් හේතුවක් ඇත්තේ නම් මිස ලිපියක් එක් විලාශයකින් අනෙකට මාරු කිරීම නුසුදුසු ය. (උදාහරණයක් ලෙස, ලිපියක මාතෘකාව බ්‍රිතාන්‍යයට සම්බන්ධ ආකාරයේ නම් එම ලිපියේ වචන වල අක්ෂර වින්‍යාසය ඇමරිකානු විලාශයෙන් බ්‍රිතාන්‍ය විලාශයට මාරු කිරීම පිළිගත හැකිය.) විකල්ප විලාශ මත සංස්කරණ යුද්ධ කිරීම පිළිගත නොහැක. ලිපියක් දෙන ලද විලාශයකින් ස්ථාවරව පවතී නම්, එහි විලාශය යමෙකුගේ කැමැත්ත මත පදනම් ව පමණක්, ඊට එහා ගිය හේතුවක් නොමැති ව වෙනස් නොකළ යුතු ය. ලිපියක් ස්ථාවර දැයි පැහැදිලි නැත්නම්, ප්‍රථම ප්‍රධාන දායකයා විසින් අනුගමනය කළ විලාශය අනුගමනය කරන්න.