විකිපීඩියා:රූකඩ නැටවීම
From Wikipedia, the free encyclopedia
විකිපීඩියා සංස්කාරකවරුන් එක් ගිණුමක් පමණක් භාවිත කරමින් සංස්කරණ කටයුතු සිදු කිරීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරනු ලැබේ. එක් ගිණුමක් පමණක් භාවිතා කිරීම මගින් සංස්කරණ අඛණ්ඩතාව, ගිණුමේ තත්ත්වය වැඩිදියුණු කිරීම, සහ ප්‍රජාවේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම යන, විශ්වකෝෂයේ දිගුකාලීන පැවැත්මට ඉවහල් වන කරුණු පවත්වා ගැනීම/නඩත්තු කිරීම සිදු කරයි. අනෙකුත් සංස්කාරකවරුන් මුළා කිරීම, සාකච්ඡා කඩා කප්පල් කිරීම, පොදු එකඟතාවයන් විකෘති කිරීම, සම්බාධක වැලැක්වීම හෝ ප්‍රජාවේ සම්මුතීන් උල්ලංඝණය කිරීම යනාදී ඇතැම් කරුණු, හේතුසාධක කරගනිමින් බහුවිධ ගිණුම් පවත්වා ගන්නා බැවින් විකිපීඩියාව තුල රූකඩ නැටවීම තහනම් කර ඇත.
- Please see Wikipedia:Sockpuppet investigations for how to request CheckUser intervention. You may also be looking for Wikipedia:WikiProject Sociology.
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
|
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: සාමාන්‍ය නීතිය වන්නේ එක් සංස්කාරකයෙක්, එක් ගිණුමක් යන්නයි. නොමඟ යැවීම, රැවටීම, වන්ධ්‍යලය හෝ කඩාකප්පල්කිරීම සඳහා; කිසියම් තරාතිරමක් සඳහා මහත්වූ අනුග්‍රහයක් ඇති බවට මිථාමතයක් ජනිත කිරීම සඳහා; මතභේදය ඇවිස්සීම සඳහා හෝ; වාරණය කිරීමක්, තහනම් කිරීමක් හෝ, සම්බාධකයක් මග හැරීම සඳහා, බහු ගිණුම් භාවිතා නොකරන්න. ඔබට අනුග්‍රහය දැක්වීම උදෙසා ගිණුම් තනන මෙන් ඔබගේ මිතුරන්ගෙන් ඉල්ලා නොසිටින්න. භාවිතයේ නොමැති පැරණි ගිණුම් පණගන්වා වෙනස් පරිශීලකයන් මෙන් භාවිතා කිරීම හෝ අනෙක් අයෙතුගේ ගිණුමක් භාවිතා කිරීම නොකරන්න. අන්තර්ජාල ලිපින සංස්කාරකයෙක් වශයෙන් වන්ධ්‍යලය සඳහා ගිණුමෙන් නික්මීම සිදු නොකරන්න. |
රූකඩ ශිල්පීය පරිශීලනය කිහිප ආකාරයකින් පැවතිය හැකිය:
- අනාවරණය කර ගැනීම වැලැක්වීම උදෙසා නව ගිණුම් තැනීම
- නිෂ්ක්‍රමණය වී IP භාවිතයෙන් ගැටලු සහගත සංස්කරණය කිරීම
- පැරණි භාවිත නොකළ ගිණුම් යළි ක්‍රියාත්මක කරමින්, ඒවා විවිධ පරිශීලකයන්ගේ බැව් ඇඟවීම.
- ආරවුල්/මතභේද ඇති කරවීමේ අරමුණින් මිතුරන් සහ දන්නා හඳුනන අය ගිණුම් නිර්මාණය කරවීමට නම්මා ගැනීම.
(usually called meatpuppetry)
බහුව්ධ ගිණුම් වල අවභාවිතයන් ප්‍රජාවේ විශ්වසනීයත්වය උග්‍ර ලෙස බිඳ දැමීමක් ලෙස සලකනු ලැබේ. එය එවැනි උඩඟු/විකෘත ගිණුම් සියල්ලම block (වාරණය) කිරීම, ගිණුම් පසුපස සිටින පරිශීලකයාට ban ක් ලබා දීම, විකිපීඩියා සහ එහි සහෝදර ව්‍යාපෘතීන් හරහා භාවිතයෙහි යෙදුන සියලුම ගිණුම් සහ IP ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම මෙන්ම අනාගත රූකඩ ශිල්පීය පරිහරණයන් වලක්වනු වස් කිසියම් තත්යලෝක සිදුවීම් හෝ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමට ද හේතු විය හැකිය. [1]
ප්‍රමාණවත්/වලංගු හේතු නිසා එක් ගිණුමකට වඩා පවත්වා ගෙන යාමට අවශ්‍ය සංස්කාරකවරු ඒවායේ පරිශීලක පිටු සම්බන්ධ වන සබැඳි අනුපිළිවෙලින් සැපයිය යුතු අතර එම එක් එක් ගිණුම පවත්වා ගැනීමේ අරමුණු හෝ ඒවා අතර ඇති සම්බන්ධතාව පිලිබඳ පැහැදිලි කිරීමක් ද සැපයිය යුතු වෙයි. එය ඉටු වුවහොත්, එක් ගිණුමක පරිශීලක සහ පරිශීලක සාකච්ඡා පිටු අනික් ඒවා වෙත නැවත යොමු කල හැකි වෙයි. සබැඳි රහිත විකල්ප ගිණුම් භාවිත කරන සංස්කාරකවරු හෝ වෙන වෙන IP ඔස්සේ තම ගිණුම භාවිත කරමින් සංස්කරණයේ යෙදෙන්නන්, ලිපි හෝ මාතෘකා මග හැරිය/තරණය කල යුතු වෙයි; මක්නිසාද පිටපත් සංස්කරණය, විකිකරණය, හෝ සබැඳි එක් කිරීම හේතු කිහිපයක් නිසා රූකඩ නැටවීමක් ලෙස සැලකිය හැකි අතර වරදක් සිදු නොකිරීමේ අදහස/උපද්‍රවයක් සිදු නොවන චේතනාව සාමාන්‍යයෙන් සමාවට කරුණක් සපයන්නේ නැත.