විකිපීඩියා:පොදු වියාචනය
From Wikipedia, the free encyclopedia
විකිපීඩියාව විසින් වලංගුභාවය පිළිබඳ සහතික නොවෙයි
![]() | මෙම පිටුව ඉංග්‍රීසි ව්‍යාපෘතියෙන් මෙහි ගෙනවිත් ඇත. අන්තර්ගතය අපගේ ව්‍යාපෘතිය සමඟ 100% නොගැලපෙනමුත් අපගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව ගොඩනගා ගැනීම සඳහා මූලික පියවර ලෙස භාවිතා කළ හැකිය. |
විකිපීඩියා යනු මාර්ගගත, විවෘත-අන්තර්ගත, හා සහයෝගීත්වය මග පදනම් වූ විශ්වකෝෂයක් එනම්, මානව දැනුම පිළිබඳ පොදු සම්පතක් පිළියෙල කිරීම සඳහා නියැලෙන තනි පුද්ගලයන් හා කණ්ඩායම් වල ස්වේච්ඡා එකමුතුවකි. අන්තර්ජාල සම්බන්ධතාවයක් හිමි ඕනෑම අයෙකුට එහි අන්තර්ගතය වෙනස් කිරීමට මෙම ව්‍යාපෘතියෙහි ව්‍යුහය ඉඩ සලසයි. මෙහි ඔබ හට හමුවන කිසිදු තොරතුරක්, උචිත ප්රවීණතාවකින් හෙබි අයවලුන් විසින් සමාලෝචනය කොට, පරිපූර්ණ, නිරවද්‍ය හෝ විශ්වසනීය බවට සහතික කර නැති බව කරුණාවෙන් සලකන්න.
විකිපීඩියාව තුළින් වටිනා හා නිරවද්‍ය තොරතුරු උකහා ගත නොහැකි බවක් මෙයින් කිසිසේත් ගම්‍ය නොවේ; බොහෝ විට එවැනි මහඟු අවස්ථා හිමි වේ. එනමුදු, මෙහිදී හමුවෙන තොරතුරුවල වලංගුතාව පිළිබඳව කිසිදු සහතිකයක් විකිපීඩියාව විසින් සපයනු නොලැබේ. ප්රස්තූත ක්ෂේත්රයන්හි අනුභූතිය පිළිබඳ වත්මන් ස්වභාවයට අනූරූප නොවන්නාවූ මතයන් දරන කිසියම් අයෙකු විසින්, ඕනෑම ලිපියක අන්තර්ගතය මෑතකදී වෙනස්කිරීමට, විරූපී කිරීමට හෝ විවර්තනය කිරීමට ලක් වී තිබිය හැකිය.