විකිපීඩියා:පරිපාලකවරු
From Wikipedia, the free encyclopedia
අතීතයේදී පද්ධති ක්‍රියාකරුවන් ලෙසින්ද හැඳින්වුණු පරිපාලකවරු, වනාහී පරිසීමිත තාක්ෂණික විශේෂාංග ("මෙවලම්") භාවිතය සඳහා පිවිසුම් අවසරය ලැබුමට තරම් විශ්වසනීයත්වයක් ළඟා කර ගත් විකිපීඩියා සංස්කාරකවරු වෙති. නිදසුනක් ලෙස, පිටු සංරක්ෂණය, මකාදැමුම සහ ප්‍රතිෂ්ඨාපනය, යළියොමුවීම් උදෙසා පිටු ගෙනයෑම, පිටු සංශෝධන සැඟවීම සහ මකාදැමීම, සහ අනෙකුත් සංස්කාරකවරුන් වාරණය කිරීම පරිපාලකවරුන්ට සිදු කළ හැක. පරිපාලකවරුන් සතු මෙවලම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා විකිපීඩියා:පරිපාලකවරු/මෙවලම් බලන්න.
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
|
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: පරිපාලකවරු වනාහී සිංහල විකිපීඩියාවේ සමහරක් මෙවලම් සඳහා ප්‍රවේශ වරප්‍රසාද භුක්ති විඳිමට තරම් විශ්වසනීය බවක් උපයාගෙන ඇති පරිශීලකවරුන්ය. මෙම මෙවලම් සාධාරණ ලෙසින් භාවිතා කරමින් හා ආරාවුලකදී අයුතු ලාභයක් උපයා ගැනීමට ඒවා කිසිවිටෙක භාවිතා නොකරමින් උසස් චර්යා ප්‍රමිතියක් ප්රදක්ෂිණා කරන බවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙයි. |
පරිපාලකවරු මෙම වගකීම් දැරීමට කරනු ලබන ප්‍රජා එකගතා ක්‍රියාවලියක් තුල ස්වෙච්ඡාවෙන් එකඟ වෙති; ඔවුහු විකිමාධ්‍ය පදනමෙහි සේවා නියුක්තිකයන් ලෙස ක්‍රියා නොකරති. එසේ වුවද ඔවුන් වෙත ලබාදී ඇති මෙවලම් භාවිතයට බොහොවිට අවශ්‍ය නොවේ. තවද තමන් ද පාර්ශවකරුවන් වන කිසියම් මතභේදාත්මක අවස්ථාවකදී තම මතවාදය සදහා වාසියක් ගනු පිණිස ඔහුට හෝ ඇයට මෙම මෙවලම් භාවිතය ඔවුන්ගෙන් අපේක්ෂා නොකෙරෙන අතර කිසි කලෙක එසේ භාවිතා කළ යුතු නොවේ.
අගෝස්තු 8 දිනය වන විට, සිංහල විකිපීඩියාවේ පරිපාලකවරු 3 දෙනෙක් සිටිති.
නිලබලධාරියකු යනු අමතර කාර්යයන් කිහිපයක් ඉටු කළ හැකි තරමක් ඉහළ පරිපාලන මට්ටමකි. මෙම පිටුවෙහි සාර්ථක ඉල්ලීමකින් පසුව අනෙකුත් පරිශීලකයින්ට, පරිපාලක හෝ නිලබලධාරි තත්ත්වය ලබා දිය හැක. නිලබලධාරියන්ට, නම් වෙනස් කිරීමට අවශ්‍ය පරිශීලකයින්ට ද උදවු කළ හැක. නම් වෙනස් කිරීම සඳහා වන ඉල්ලීම් ලැයිස්තුගත නිලබලධාරියකුගේ සාකච්ඡා පිටුවට සෘජුවම ඉදිරිපත් කළ යුතුය.
- See also: Bureaucrat logs - User rights, User rename