From Wikipedia, the free encyclopedia
පෘතුග්‍රීසී පාලනය හැම විටම සීමා වී තිබුණේ මුහුදු බඩ පළාත්වලටයි. ඔවුන්ගේ ආගමට හරවා ගත් බොහෝ මිනිසුන් ධීවරයෝ වූහ. ඔවුන්ගේ බලයේ කොඳු නාරටිය වූයේ එයයි.
තම පාලන ප්‍රදේශ පුළුල් කර ගැනීමට අවශ්‍යව සිටි පෘතුග්‍රීසීන්ගෙන් පළිගැනීම සඳහා සිංහල රජු විසින් ලන්දේසීන් ප්‍රයෝජනයට ගන්නා ලදී. ලන්දේසීන්ගේ පැමිණීම පෘතුග්රීසීන්ට සතුරන් දෙදෙනෙකු සමග ගණු දෙණු කිරීමක් වූයේය. අවසානයේ ලන්දේසීන් සමග ගිවිසුමකට බැඳීමට පෘතුග්රීසීන්ට බල කෙරිණි. එහි අර්ථය වූයේ විවෘත ආර්ථිකයට එළඹීමයි. අවසානයේ පෘතුග්‍රීසීහු ලංකාව අත හැරදා ගිය අතර ඉතිහාසය රොඩු ගොඩක් බවට පත් වූහ.
පෘතුගාලය සමග යුද්ධ කිරීම ඔවුන්ගේ පාලකයා වූ ස්පාඤ්ඤයේ රජුට එරෙහිව කරන යුද්ධයක් විය. එක් වතාවකදී පෘතුගාලය ස්පාඤ්ඤයෙන් නිදහස ඉල්ලා සිටි අවස්ථාවෙදී නෙදර්ලන්තය, පෘතුගාලය සමග සාමයක් ඇති කර ගත්තේය. ඉන් පසු ගෝවේදී අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ලංකාවේ අත්පත් කර ගත් ප්‍රදේශ බෙදූහ. සෙමෙන් සෙමෙන් ලන්දේසීහූ ලංකාවේ සහ ඉන්දුනීසියාවේ මුහුදු බඩ පෙදෙස් සහ පිටත පෙදෙස්වල පාලකයෝ වූහ. පෘතුග්රීසීන්ට ඉතිරි වූ පෙදෙස් ලන්දේසීන් හා ඉංග්‍රීසීන් සමග සසඳන කළ කුඩා පෙදෙස්වලට සීමා විය. ප්‍රංශයට ප්‍රථම යුරෝපයේ සමූහාණ්ඩුවක් අත් හදා බැලූවේ නෙදර්ලන්තයයි. ඔවුන්ගේ ප්‍රධාන ආකල්පය වූයේ අනිකුත් යුරෝපීය රටවල්වලට වඩා වූ ප්රජාතන්ත්රවාදයකි. ලන්දේසී ප්‍රවේශය, පෘතුග්‍රීසි පාලකයින් සමග නොවූ ජනතාවට සංස්කෘතික හා භාෂා පිළිබඳ නිදහස ලබා දෙන ලදී.
ලන්දේසීහු ඔවුනට එරෙහිව යුද්ධ කළ නරකම සතුරන්ගේ එකෙකු වූ පෘතුග්රීසීන්ට අවස්ථාව දුන්හ. එපරිදි ඔවුනට ස්වදේශික ජනතාවගේ බධා කිරීමකින් තොරව ලංකාව යටත් කර ගැනීමට හැකි විය.
ලංකාවේ ලන්දේසි පාලනයේ ගැටළු
ලන්දේසීහු ඔවුන්ගේ ප්‍රදේශ පාලනය කිරීම හා පුළුල් කිරීම ඇරඹූහ. මෙහිදී මහනුවර රජු තමනට උදව් ලබා ගැනීම සඳහා වෙනත් පාර්ශවයක් සෙව්වේය. මේ සඳහා ඔහු හැරුණේ ප්‍රංශය දෙසටය. අවසානයේ ඉංග්‍රීසීන් විසින් උපායශීලීව ලන්දේසි පාලන ප්‍රදේශ ලන්දේසීන්ගෙන් ලබා ගන්නා ලදී. ඒ නැපෝලියානු යුද්ධ කාලයේදීය.
ලන්දේසීන් විසින් මැලේ සොල්දාදුවන් කීප දෙනෙක් සහ පොලිස් නිලධාරීන් ලංකාවේ පදිංචි කරවූයේ ස්වදේශික ජනතාව පාලනය කිරීමේ ක්‍රමයක් වශයෙනි.
ලන්දේසින් රිපබ්ලිකන් වරුන් ලෙස රිපබ්ලිකන් නොහොත් සමූහාණ්ඩු පිළිබඳ අදහස් ලංකාවට ගෙනාවෝය.
ලන්දේසි ජනතාව අතර ඔරෙන්ජ් හි ප්‍රින්ස් පාලනයට වඩා බතාවියාවේ පාලනය ජනප්‍රිය විය. 1799 දී සිදු වූ බ්‍රිතාන්‍ය -රුසියන් ආක්‍රමණයේදී මෙය විද්‍යාමාන විය.
ප්‍රංශ ගැති රාජ්‍යයක් ලෙසට බතාවියන් සමූහාණ්ඩුව ප්‍රංශයේ සහායයෙකු විය. ඒ ප්‍රංශය බ්‍රිතාන්‍යයට එරෙහිව කළ යුද්ධයේදීය. මෙය ලන්දේසි ජනපද ඔවුනට අහිමි වීමට මග පෑදුවේය. එමෙන්ම 1797 දී සිදු වූ කැම්පර්ඩවුන් සටනේදී ලන්දේසි නාවික බලඇණියක් පරාජයට පත් වීමද හේතු විය. ලන්දේසීන්ගේ වෙළඳාම කඩා වැටීම ආර්ථික අර්බුද කීපයකට හේතු විය. 19 වෙනි ශත වර්ශයේ දෙවැනි භාගයේදී ලන්දේසීන්ගේ ධනය පෙර තිබූ මට්ටමට ගෙන ආ හැකි වූයේ 19 සියවසේ දෙවැනි භාගය තරමේදීය.
http://en.wikipedia.org/wiki/Dutch_Ceylon#The_Dutch_and_the_Portuguese
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.