![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Red_White_Blood_cells.jpg/640px-Red_White_Blood_cells.jpg&w=640&q=50)
ලේ
From Wikipedia, the free encyclopedia
[[ගොනු|300px|thumb|right|Human blood smear:
a - erythrocytes; b - neutrophil;
c - eosinophil; d - lymphocyte.]]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Red_White_Blood_cells.jpg/320px-Red_White_Blood_cells.jpg)
ලේ හෙවත් රුධිරය යනු රුධිර ෙසෙල, රුධිර ප්ලාස්මය නමින් හඳුන්වන දියරමය ආකාරයක් තුල ගිලී පවතින විශේෂිත ශරීර තරලයකි. ජීව විද්‍යාත්මකව සම්බන්ධක පටක වලට අයත්වේ. ශරීර තරලයන්ගෙන් 55% රුධිර ප්ලාස්මය වන අතර එහි අන්තර්ගතය 90% ම ජලයයි, ඉතිරිය එහි දියවූ ප්‍රෝටීන, ග්ලූකෝස්, ඛණිජ ලවන, හෝමෝන, කාබන් ඩයොක්සයිඩ්, පට්ටිකා සහ රුධිර ෙසෙල යනාදිය වේ. (රුධිර ප්ලාස්මය, බහිශ්රාවීය ඵල ප්‍රවාහනය කරන ප්‍රධානතම මාධය වේ,) රුධිර සෛල, රතු රුධිරාණු හා සුදු රුධිරාණු වලින් සමන්විත වේ. [1]
රුධිරය, රුධිර නාලිකා ඔස්සේ ශරීරය පුරා සංසරණය වේ. මෙය සිදුවන්නේ හෘදය මගින් සිදුකරන පොම්ප කිරීමේ ක්‍රියාවලියක් මගිනි. ධමනි, ඔක්ෂිජනීකෘත රුධිරය ශරීර පටක වෙත රැගෙන යන අතර, ශිරා, කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පෙනහලු වෙත ගෙන යෑම සිදු කරයි. සංයුතිය ලෙස නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ,රධිරය ඝන මිලිමීටර එකක රක්තාණු මිලියන4.5-5,ශ්වේතාණු 7000-10000,පට්ටිකා මිලියන 0.2-0.4 ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e5/Diagram_of_the_human_heart_%28cropped%29.svg/640px-Diagram_of_the_human_heart_%28cropped%29.svg.png)