රජ කරන රැජින
From Wikipedia, the free encyclopedia
රජ කරන රැජින යනු රජ පදවියට සමාන කාන්තා රාජ්‍ය පාලකයායි. ඇය ඇගේම අයිතියෙන් යුතුව රාජ්‍ය පාලනය කරන්නී ය. මෙය රජ කරන රජුගේ බිසව වන වල්ලභ රැජින හෝ ළමා පාලකයාගේ භාරකාරයා වන, තාවකාලිකව එම ස්ථානයේ වැඩබලන රාජ්‍යාධිකාරී රැජින යන පදවි දෙකට වඩා වෙනස් ය. රජ කරන අධිරාජිනිය යනු ස්වකීය අයිතියෙන් යුතුව අධිරාජ්‍යයක් පාලනය කරන රාජ්‍ය පාලිකාවකි.
රජ කරන රැජිනක ස්වෛරී බලයන්ට හිමිකම් කියන්නී ය. වල්ලභ රැජිනක සිය සැමියාගේ පදවි නාමවලට හිමිකම් කියන නමුත්, සිය සැමියාගේ ස්වෛරීභාවය භුක්ති විඳින්නේ නැත. සාමාන්‍යයෙන් රජ කරන රැජිනකගේ සැමියා සිය භාර්යාවගේ පදවිය, තත්ත්වය හෝ ස්වෛරීභාවයට හිමිකම් නොකියයි. කෙසේනමුත් වල්ලභ රජ සංකල්පය අධ්‍යතන හෝ සම්භාව්‍ය යුගවල දී නොඇසූවකි.
වැන්දඹු රැජින යනු රජකුගේ වැන්දඹුවයි. මව් රැජින යනු රජකරන රාජ්‍යේශයාගේ මෑණියන් වන වැන්දඹු රැජිනකි.