මහාකාලී (සංස්කෘත: Mahākālī, දේවනාගරී: महाकाली), සාහිත්‍යමය පරිවර්තනය ශ්‍රේෂ්ඨ කාලී, යනුවෙන් හැඳින්වෙන්නේ කාලයට සහ මරණයට අධිපති හින්දු දෙවඟනයි. ඇය යතාර්ථය සහ පැවැත්මට පදනම වන සිහියට අධිපති මහාකාල දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ. සංස්කෘත වාග්විද්‍යානුකූලව මහාකාලී යනු හින්දු ආගමේ ශිවගේ විරුද නාමයක් වන මහාකාල හෙවත් මහා කාලය (ඇතැම්විට මරණය ලෙස ද අර්ථ දැක්වේ) යන්නෙහි ස්ත්‍රී ස්වරූපය ලෙස ගැනේ. මහාකාලී යනු කාලයට සහ අවකාශයට ඔබ්බෙන් වූ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්තිගේ ස්වරූපයකි. ආදි පරාශක්තියගේ ශුන්‍යතාවේ ප්‍රතිරූපය බැවින් ඇගේ වර්ණය කළු ය. බොහෝ හින්දූන් දිව්‍යමය මාතාව ලෙස සලකන කාලි දේවියගේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය මැයයි.

Quick Facts මහාකාලී, දේවනාගරී ...
මහාකාලී
කාලය සහ මරණයට අධිපති දෙවඟන, සර්වබලධාරි දෙවඟන, මහාදේවියගේ උත්තරීතර ස්වරූපය
ගොනුව:Redkali3.jpg
අත් දහයක් සහිත් මහාකාලීගේ ඒකමුඛී හෙවත් "එක්-මුහුණැති" මූර්තියක්
දේවනාගරීमहाकाली
සංස්කෘත පරිවර්තනයMahākālī
අනුබැඳියබ්‍රහ්මන්, කාලී, පාර්වතී, දුර්ගා, ශක්ති
වාසභවනයමණිද්වීපය, අර්ථ නිරූපණය අනුව විවිධ වේ
මන්ත්‍රයॐ क्रीं कालिकायै नमः ඕම් ක්‍රීම් කාලිකායයි නමඃ,
ॐ कपलिन्यै नमः ඕම් කපාලින්‍යායි නමඃ
ආයුධයප්‍රතිමා ස්වරූප අනුව විවිධ වේ
වල්ලභයාමහාකාල
Close

බාහිර සබැඳි

  • Mahakali හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.