මයිකල් ෆැරඩේ
From Wikipedia, the free encyclopedia
මයිකල් ෆැරඩේ , FRS (1791 සැප්තැම්බර් 22 – 1867 අගෝස්තු 25) ඉංග්‍රීසි රසායනඥයෙක් හා භෞතිකඥයෙක් වූ අතර ( හෝ පාරිතෝෂිතයෙහි ස්වාභාවික දාර්ශනිකයෙක් එම කාලයේ) විද්‍යුත් චුම්භකත්වය හා විද්‍යුත් රසායනය යන ක්ෂේත්රවලට දායකත්වය ලබා දුණි.
මයිකල් ෆැරඩේ | |
---|---|
උපත | 22 සැප්තැම්බර් 1791(1791-09-22) Newington Butts, Surrey, England |
මියගිය දිනය | 25 August 1867(1867-08-25) (වයස 75) Hampton Court, Surrey, England |
නිවහන | England |
ජාතිකත්වය | British |
ප්‍රසිද්ධව ඇත්තේ | Faraday's law of induction Electrochemistry Faraday effect Faraday cage Faraday constant Faraday cup Faraday's laws of electrolysis Faraday paradox Faraday rotator Faraday-efficiency effect Faraday wave Faraday wheel Lines of force |
කලත්‍රයා(යන්) | සාරා බර්නාඩ් (වි. 1821) |
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්රය | |
ආයතන | Royal Institution |
බලපෑම | Humphry Davy William Thomas Brande |
අත්සන | |
ෆැරඩේ සෘජු විදුලි ධාරාවක් රැගෙන යන සන්නායකයක් වටා චුම්භක ක්ෂේත්රය අධ්‍යයනය කර භෞතික විද්‍යාවේ චුම්භක ක්ෂේත්‍ර සංකල්පයට අඩිතාලම සැපයීය. ඔහු විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාර ක්ෂේත්‍ර චුම්භකත්වය හා විද්‍යුත් විච්ඡේදනය සොයා ගන්නා ලදී. චුම්භකත්වයට ආලෝක කිරණවල බලපෑමක් එල්ල කළ හැකි බවත් මෙම සංසිද්ධි දෙක අතර සැගවුණු සබඳතාවක් ඇති බවත් ඔහු ප්රකාශනයට පත් කළේය. ඔහු නිපැයූ විද්‍යුත් චුම්භක රොටරි යන්ත්‍රය , විද්‍යුත් මෝටර තාක්ෂණයේ ආරම්භය සනිටුහන් කළේය. විදුලිය තාක්ෂණයේදී යොදා ගත හැකි වීමට වඩාත්ම පිටිවහලක් වූයේ ඔහුගේ උත්සාහයන්ය.
රසායනඥයෙක් ලෙස ෆැරඩේ , බෙන්සීන් සොයා ගන්නා ලදී. ක්ලෝරීන් clathrate සජලනය සොයාගන්නා ලදී. තවද බන්සන් දාහකයේ මුල් ආකාරය ඔක්සිකරණ අංක පද්ධතිය හා ඇනෝඩය , කැතෝඩය , ඉලෙක්ට්‍රෝඩය (electrode)හා අයනය (ion) යන පාරිභාෂිත ද හඳුන්වා දෙන ලදී.
ෆැරඩේ කුඩා විධිමත් අධ්‍යාපනයක් ලැබූවත් කළනය වැනි උසස් ගණිතය පිළිබඳ යන්තම් පමණක් දැන සිටියත් ඔහු ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන විද්‍යාඥයෙක් විය. සමහරක් ඉතිහාසඥයින් විද්‍යා ඉතිහාසයේ හොඳම පරීක්ෂණඥයා ලෙස ද මොහු හඳුන්වනු ලබයි. ධාරිතාවේ SI ඒකකය මොහු වෙනුවෙන් “ෆැරඩ්” ලෙස නම් කළ අතරම ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය (කූලෝම් 96485 ක් පමණ) ෆැරඩේ නියතය ලෙස හදුන්වනු ලබයි. ප්‍රේරණය පිළිබඳ ෆැරඩේ නියම කියා සිටින්නේ කාලයත් සමග වෙනස්වන චුම්භක ක්ෂේත්රයක් එයට සමරූප විද්‍යුත් චාලක බලයත් ඇති කරන බවයි.
ෆැරඩේ මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ආයතනයේ පළමු හා වැදගත් රසායන විද්‍යාව පිළිබඳ fullerian මහාචාර්යවරයා විය.