![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/NGC_4414_%2528NASA-med%2529.jpg/640px-NGC_4414_%2528NASA-med%2529.jpg&w=640&q=50)
මන්දාකිණි
From Wikipedia, the free encyclopedia
තරු අති විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පද්ධතියක්, චක්‍රාවාටයක් හෙවත් මන්දාකිණියක් ලෙස හැදින් වේ. තවද සූර්යයා වැනි තාරකා බිලියන ගණනක්, කළු කුහර (black holes) හා දූවිලිවළා බිලියන ගණනක එකතුවක් ලෙස ද හැඳින්විය හැක. මේවා අති විශාල ස්කන්ධයකින් යුතු වෙයි. ඒ නිසා ප්‍රබල ගුරුත්වාකර්ශන බලයක් ඒවා සතුව ඇත. මේ හේතුව නිසා මන්දාකිනි එකිනෙකට පොකුරු ලෙසින් එක් වී චලනය වෙයි. මෙම මන්දාකිනි අතර ඇති ගුරුත්ව බලය හා ඒවායේ චලිතය නිසා අභ්‍යවකාශයට යම් සමතුලිතතාවක් ලැබී ඇත. මෙවැනි මන්දාකිනි පොකුරු එක්වී සුපිරි මන්දාකිනි පොකුරු(super cluster of galaxies)සාදයි.අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථය(milky way) ස්තානීය පොකුර (local group) නම් මන්දාකිනි පොකුරට අයත් වේ. මෙම මන්දාකිනි පොකුරට මන්දාකිනි 13 අයත් වෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/NGC_4414_%28NASA-med%29.jpg/640px-NGC_4414_%28NASA-med%29.jpg)
මන්දාකිනි වර්නාවලිය පරීක්ශා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියලුම මන්දාකිනි වර්නාවලියේ වැඩි තරන්ග ආයාමයක් ඇති දිශාවට අපගමනය වන බවයි.