භර්හුත්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සත්නා දිස්ත්‍රික්කයේ ගම්මානය From Wikipedia, the free encyclopedia

භර්හුත්map

භර්හුත් හෙවත් භාරුත් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සත්නා දිස්ත්‍රික්කය තුළ පිහිටි ගම්මානයකි. මෙය ප්‍රකට වූයේ එහි වූ බෞද්ධ ස්තූපයෙන් හමුවූ පුරාවස්තූන් නිසායි. භර්හුත් ස්තූපයේ වඩාත්ම ප්‍රසිද්ධ දානපතියා වූයේ ධනභූති රජුයි.[2][1]

Quick Facts භර්හුත්, මූලික තොරතුරු ...
භර්හුත්

ඉහළ: භර්හුත් ස්තූපයේ මුල් සැලැස්ම. පහළ: නැගෙනහිර තොරණ සහ වේදිය, රතු වැලිගල්, භර්හුත් ස්තූපය, ක්‍රි.පූ. 125–75.[1] ඉන්දියානු කෞතුකාගාරය, කොල්කතා.
භර්හුත් is located in ඉන්දියාව
භර්හුත්
ඉන්දියාව තුල පිහිටීම
භර්හුත් is located in මධ්‍ය ප්‍රදේශ්
භර්හුත්
භර්හුත් (මධ්‍ය ප්‍රදේශ්)
මූලික තොරතුරු
පිහිටීමඉන්දියාව
භූගෝලීය ඛණ්ඩාංක24.446891°N 80.846041°E / 24.446891; 80.846041
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයසත්නා
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
කලාපයවින්ධ්‍යා කලාපය
පුද කළ වර්ෂයක්‍රි.පූ. 300–200
විනයානුගත හෝ සංවිධානාත්මක තත්ත්වයස්තූප නටබුන් සහිත ය
තත්ත්වයපුරාවස්තූන් ඉවත් කොට ඇත
Close

භර්හුත් ප්‍රතිමා ඉන්දීය බෞද්ධ කලාවේ පැරණිතම නිදසුන් අතුරින් එකකි. මේවා අශෝක යුගයේ කලාකෘතිවලින් (ක්‍රි.පූ. 260 අවට) පසුව, සහ සාංචි ස්තූප අංක 2 (ක්‍රි.පූ. 115 අවට ඇරඹි) හි ගරාදියෙහි දක්නට ලැබෙන මුල්කාලීන ශුංග යුගයේ කලාකෘතිවලට මඳ කාලයකට පසුව නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] සාංචි, අමරාවතී ස්තූපය වැනි ස්ථාන හා සැසඳීමේ දී මෙහි වූ පුරාවස්තූන් සාපේක්ෂව හොඳ තත්ත්වයකින් පවතියි. එසේම ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් ද හමුවේ. මෑතකාලීන විද්වතුන් විසින් භර්හුත් හි කැටයම් සහ ගරාදි වැට ක්‍රි.පූ. 125–100 කාලයට අයත් බවත්, සහ නිසැකවම එය සාංචි ස්තූප අංක 2ට පසුව නිර්මාණය වූ බවත් සඳහන් කරනු ලබන්නේ භර්හුත් හි ඇති වැඩිදියුණු වූ කැටයම් ලක්ෂණ නිසායි.[1][3] මෙහි වූ තොරණ ගරාදි වැට නිර්මාණය කොට මඳ කලකට පසු නිර්මාණය කොට ඇති අතර එය ක්‍රි.පූ. 100–75 පමණ කාලයට අයත් යැයි සැළකේ.[1] අජිත් කුමාර් නම් ඉතිහාසඥයා විසින් පවසන්නේ භර්හුත් ක්‍රි.ව. 1වන සියවසට අයත් බවයි. ඔහු පවසන්නේ භර්හුත් කැටයම් මථුරා කලාවේ කැටයම්, විශේෂයෙන් සෝදස පාලකගේ නම සහිත ප්‍රතිමා සමඟ කලා ලක්ෂණ අතින් සැසඳෙන බවයි.[4] භර්හුත් හි පුරාවස්තූන්ගෙන් වැඩි ප්‍රමාණයක් කොල්කතාවේ ඉන්දියානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ගැලරිය

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.