![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f1/Malaria.jpg/640px-Malaria.jpg&w=640&q=50)
බෝවන රෝග
From Wikipedia, the free encyclopedia
බෝවන රෝග (ඉංග්‍රීසි: Infectious disease) යනු ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් වන වෛරස ,බැක්ටීරියා , දිලීර , ප්රොට්රෝසෝමාවන් හා බහු සෛලික පරපෝෂිතයින් හා රෝග කාරක ප්‍රෝටීන අංශු මගින් ඇතිකරන රෝගී තත්වයන් වේ. මෙම ව්‍යාධිජනකයින් ශාක හා සතුන් යන දෙකොටස සදහාම රෝග ඇති කරයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f1/Malaria.jpg/640px-Malaria.jpg)
මෙම රෝග කාරකයින් මගින් ඇති කරන රෝගී තත්වයන් බෝවන රෝග ලෙස හැදින්වෙන්නේ එමගින් එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලෙයකුට රෝගය ඇති කිරීමේ හැකියාව නිසාය. බෝවන රෝග ව්‍යාප්තිය ස්පර්ශ මගින් හා වෙනත් බොහෝ ක්රමෝපායන් මගින් සිදුවේ. ඒවා නම් ආසාදිත දේහ තරල , අපවිත්‍ර වූ ආහාර , ජලය , වාතය හා ආසාදිත රෝග වාහකයින් මගිනි.
ආසාදිතතාව යනු ව්‍යාධිජනක ජීවියකුට ධාරකයාගේ සිරුර තුළට ඇතුළු වී එහි ජීවත් වන අතරතුර ගුණනය වීමේ හැකියාවයි. බෝවන සුළු බව යන්නෙන් ප්‍රකාශ වන්නේ වෙනත් ධාරකයෙකු වෙතට රෝගය ඇති කිරීමේ සාපේක්ෂ පහසුවයි. කෙසේ වුවද ආසාදනය යනු ආසාදිත රෝගයකට සමාන අරුත් දෙන්නක් නොවේ. ආසාදනයක් මගින් වැදගත් රෝග ලක්ෂණ ඇති නොකරන අතර රෝගියාගේ දේහ ක්රියාකාරීත්වයන් ද බැරෑරුම් ලෙසට අඩපන නොකරයි.