From Wikipedia, the free encyclopedia
බේල්කින්ගේ කතා (ඉංග්රීසිThe Tales of the Late Ivan Petrovich Belkin, රුසියානු Повести покойного Ивана Петровича Белкина) යනු රුසියානු ලේඛක අලෙක්සන්ද්ර් පුෂ්කින් විසින් රචිත කෙටිකතා සංග්රහයකි. එය ප්රථම වරට 1831 දී රුසියාවේ ප්රකාශයට පත් විය. පුෂ්කින් කතා සංග්රහය ඉදිරිපත් කරන්නේ නැසීගිය ඉවාන් පෙට්රොවිච් බේල්කින් නම් තැනැත්තෙකු විසින් රචිත එහෙත් ප්රකාශයට පත් නොවූ කෙටිකතා පහක් තමන්ගේ සංස්කාරකත්වයෙන් යුක්තව ඉදිරිපත් කරන ලෙසිනි. ඒ පිළිබඳව ප්රබන්ධිත සංස්කාරක හැඳින්වීමක් පුෂ්කින් විසින් ඉදිරිපත් කර ඇත.
කතා සංග්රහයෙහි එන කතා පහ එකකට එකක් සම්බන්ධතාවයක් දක්වන්නේ නැත. නමුත් ඒවා සියල්ල, තම උරුමය අහිමි කැරගත් ඉඩම් හිමියෙකු වන ඉවාන් පෙට්රොවිච් බේල්කින් විසින් තම අත්දැකීමක් හෝ තමන්ට අසන්නට ලැබුණු සිදුවීමක් විස්තර කරන පරිදි (හැඳින්වීමෙහි දැක්වෙන පරිදි) ඉදිරිපත් කර ඇත.
ඉවාන් පෙට්රොවිච් බේල්කින් යනු පුෂ්කින් විසින් තමන්ගේ නිර්මාණ කාර්යය සඳහා නිර්මාණය කළ මනඃකල්පිත පුද්ගලයෙකි. ඔහු 1798 ගර්යුහිනෝ ගමේදී උපත ලැබූ බව ඇතුළු තවත් පෞද්ගලික තොරතුරු කිහිපයක් ඔහු පිළිබඳව සඳහන් වේ. 1815 දී යුද සේවයට බැඳුනු ඉවාන් පෙට්රොවිච් බේල්කින් 1823 දක්වා යුද සේවයෙහි යෙදුණු බවත් ඔහුගේ දෙමව්පියන් ඉක්මනින් මියගිය බවත් තමන්ට උරුම වූ ධනය නිසිපරිදි කළමනාකරණය කරගැනීමට ඔහු උනන්දු නොවූ බවත් ආදී තවත් බොහෝ තොරතුරු ද පුෂ්කින් වෙත, තම නම ප්රසිද්ධියට පත්කිරීමට අකැමැති පුද්ගලයෙකු විසින් ලියා එවන ලද බවක් පාඨකයාට ඇඟවෙන පරිදි පුෂ්කින් තම හැඳින්වීම ඉදිරිපත් කර ඇත. එම තොරතුරු, අවසානයේ දී තමන් අතට පත් කර ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බවක් ද පුෂ්කින් අඟවයි. ඉවාන් පෙට්රොවිච් බේල්කින් 1828 සරත් සමයේදී තදබළ සෙම්ප්රතිශ්යයාව සහ උණ රෝගය නිසා මිය ගිය බවත් එවකට තිස් හැවිරිදි වියේ පසු වූ ඉවාන්ගේ දේහය ගර්යුහිනෝ දේවස්ථාන සුසාන භූමියෙහි, ඔහුගේ දෙමව්පියන්ගේ සොහොන්ගැබ් අසලින්ම මිහිදන් කළ බවත් සඳහන්ව ඇත.
දැදිගම වි. රුද්රිගු විසින් Повести покойного Ивана Петровича Белкина, බේල්කින්ගේ කතා යන නමින් සිංහලයට නගන ලදුව මොස්කව් ප්රගති ප්රකාශක මන්දිරය විසින් 1982 දී ප්රකාශයට පත් විය. සිංහල අනුවාදයට අනුව කෙටිකතා සංග්රහයෙහි අඩංගු කෙටිකතා පහ වෙඩි පහර, හිම කුණාටුව, මිනී පෙට්ටි සපයන්නා, තානායම්පතියා සහ වෙස් වළාගත් තරුණිය යන නම් වලින් හැඳින්වෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.