බල්ලෝ
From Wikipedia, the free encyclopedia
බල්ලා ක්ෂීරපායී සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.
Quick Facts ගෘහාශ්‍රිත බල්ලෝ කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර), සංරක්ෂණ තත්ත්වය ...
ගෘහාශ්‍රිත බල්ලෝ කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර) | |
---|---|
Selection of the different breeds of dog. | |
ගෘහස්ථකරණය කළ | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Kingdom: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
Suborder: | Caniformia |
කුලය: | Canidae |
Genus: | Canis |
විශේෂය: | C. lupus |
උපවිශේෂය: | C. l. familiaris[1] |
ත්‍රිපද නාමය | |
Canis lupus familiaris[1] | |
පර්යාය නාම(ය) | |
Close