![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/be/Top_of_Atmosphere.jpg/640px-Top_of_Atmosphere.jpg&w=640&q=50)
පෘථිවි වායුගෝලය
From Wikipedia, the free encyclopedia
පෘථිවි වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි. එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැඳී තිබේ. එහි 78.08% නයිට්රජන්ද, 20.95% ඔක්සිජන් ද, 0.93% ආගන් ද, 0.038% කාබන්ඩයොක්සයිඩ්ද,අනෙක් වායූන් අංශු මාත්ර වශයෙන්ද, වෙනස් වන ප්රමාණයකින් (1% පමණ) ජල වාෂ්ප ද අඩංගු වේ. මේ වායු මිශ්රණයට වාතය යැයි කියනු ලැබේ. මේ වායුගෝලය පෘථිවියේ ජිවින් ආරක්ෂා කරනුයේ සූර්ය කිරණවල අඩංගු පාරජම්බුල වැනි අහිතකර කිරණ උරා ගැනීමෙන් හා දිවා රෑ අධික උෂ්ණත්වය අඩු කිරීමෙන් ය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/be/Top_of_Atmosphere.jpg/640px-Top_of_Atmosphere.jpg)
වායුගෝලයත්, පිටසක්වළත් අතර ස්ථිර මායිමක් නොමැත. එය සෙමින් සෙමින් තුනී වි අවකාශයට නැතිවී යයි. වායුගෝලයෙන් ¾ ඇත්තේ ග්රහ ලෝකයේ මතුපිට සිට කි.මී. 11 ඇතුලත වේ. එක්සත් ජනපදයේ සිට කි.මී. 80.5 (සැ.50) පමණ උසකින් ගමන් කරන මිනිසුන් ගගනගාමීන් ලෙස නම් කෙරේ. කි.මී. 120 (සැ.75 ක් හෝ අඩි 400,000) සීමාවට නැවත ඇතුල් වීමේදී දී වායුගෝලයේ ප්රතිඵල පෙනේ. පොළවේ සිට කි.මී. 100 ක් පමණ උසකදී (සැ.62, හෝ 328,000) පිහිටි කර්මාන් රේඛාව වායුගෝලයේ හා පිටසක්වල අතර සීමාව සේ සැලකේ.