පාරනාසික කෝඨරක යනු, නාසික කුහරය වටා (කුංජක කෝඨරක), ඇස් වලට ඉහළින් (ලලාට කෝඨරක), ඇස් අතරමැදිව (ඡිද්‍රාස්ථි කෝඨරක), සහ කීලාස්ථියන්ට පිටුපසින් (කීලාස්ථි කෝඨරක) වශයෙන් පිහිටි, යුගල සතරකින් සැදි වාතය-පිරි අවකාශ සමූහයකි. මෙම කෝඨරක නම් ලබා ඇත්තේ, ඒවා පිහිටි වක්ත්‍ර අස්ථි වල නම් අනුව යමිනි.

Quick Facts පාරනාසික කෝඨරක, විස්තර ...
පාරනාසික කෝඨරක
Thumb
පාරනාසික කෝඨරක ලලාට දර්ශනයකදී දිස්වන අයුරු
Thumb
පාරනාසික කෝඨරක වල පාර්ශවික ප්‍රක්ෂේපණය
විස්තර
ලතින්සිනුස් පැරනේසලස්
හඳුන්වන
ග්‍රේ ගේp.998
MeSHParanasal+Sinuses
Dorlands
/Elsevier
Paranasal sinuses
TAA06.1.03.001
FMAFMA:59679
Anatomical terminology
Close

ව්‍යුහය

මානවයන් සතුව පාරනාසික කෝඨරක කිහිපයක් ඇති අතර, ඒවා උපකාණ්ඩ වලට බෙදා නම් ලබා ඇත්තේ, කෝඨරක පිහිටා ඇත්තේ කුමන අස්ථි තුලද, ඒවායේ නම් අනුව යමිනි:

  • කුංජක කුහර ලෙසින්ද හැඳින්වෙන, කුංජක කෝඨරක යනු, පාරනාසික කෝඨරක අතුරින් විශාලතම ඒවා වන අතර, ඇස් වලට යටින්, කුංජක අස්ථිය තුල පිහිටා ඇත.
  • ලලාට කෝඨරක, ඇස්වලට උත්තර ලෙසින්, නලලෙහි හෙවත් ලලාටයෙහි තද කොටස තනන ලලාට අස්ථිය තුල පිහිටා ඇත.
  • ඡිද්‍රාස්ථි කෝඨරක තැනී ඇත්තේ, නාසය සහ ඇස් අතර පිහිටන ඡිද්‍රාස්ථි අස්ථිය තුල සැදෙන ප්‍රභින්න වාත කෝෂ වෙතිනි.
  • කීලාස්ථි කෝඨරක, පිටියුටරි ග්‍රන්ථිය මධ්‍යයෙහි, කීලාස්ථි අස්ථිය තුල පිහිටයි.

පාරනාසික වාත කෝඨරක, ශ්වසන අපිච්ඡදය (පක්ෂ්මධර ව්‍යාජ ස්තරිභූත ස්තම්භික අපිච්ඡදය) වෙතින් අතුරුණු ලබයි.

ප්‍රවර්ධනය

පාරනාසික කෝඨරක ප්‍රවර්ධනාත්මකව තැනෙනුයේ, නාසික කුහරය වෙතින් පැනනගින වාතය-පිරි කෝෂයන් (වායව අන්ධාශ) විසින්, අස්ථිය සෑරීම නිසාවෙනි. පුර-ප්‍රසව අවධියෙහි ඇරඹෙන මෙම ක්‍රියාවලිය, ජීවියෙකුගේ ආයු කාලය පුරා දිගටම සිදු වෙයි.

අනෙකුත් සතුන් තුල

විවිධ සතුන් තුල (බොහෝ ක්ෂීරපායියන්, පක්ෂීන්, පියාඹනු-නොලබන ඩයිනොසොරියන් සහ, කුම්භිලයන් අඩංගු) පාරනාසික කෝඨරක ඇති වෙයි. මානව-නොවන සතුන් තුල, කෝඨරක ඇති වන අස්ථීන් විවිධාකාර වෙති.


කෘත්‍යය

Thumb
X-කිරණ රූපයක පෙනෙන පරිදී පාරනාසික කෝඨරකයන්හී පාර්ශ්වික ප්‍රක්‍ෂේපනයක්

කෝඨරකයන්හී ජීව විද්‍යාත්මක භූමිකාව විවාදයට පාත්‍රවූ කරුණක් වුවද, විය හැකි කෘත්‍යයන් කිහිපයක් යෝජනාවී ඇත:

  • හිස් කබලෙහි ඉදිරිපස සහ විශේෂයෙන් මුහුණේ අස්ථීන්ගේ සාපේක්ෂ බර අඩුකරලීම.
  • කටහඬෙහි අනුනාදය ඉහළ දැමීම.
  • මුහුණට එල්ල වන පහර වලදී ස්වාරක්ෂකයක් සැපයීම
  • නාසික කුහරයෙහි විගස සිදු විය හැකි උෂ්ණත්ව වෙනස්වීම් වලින්, දන්ත මූල සහ ඇස් වැනි සංවේදී ව්‍යුහයන් පරිවාරණය කිරීම.
  • මෙම පෙදෙසෙහි සෙමෙන් සිදුවන වාත පිරිවැටුම භාවිතයෙන් ආශ්වාස වාතය ආර්ද්‍රකරණය සහ රත්කිරීම.
  • අන්තර්නාසික සහ මස්තු වායු පීඩන නියාමනය
  • ප්‍රතිශක්තිවිද්‍යාත්මක ආරක්ෂණය

මෙසේ විවිධ යෝජනා තිබුණද, පාරනාසික කෝඨරක කිසිම ජීව විද්‍යාත්මක කෘත්‍යයක් සිදුනොකරමින්, ඒ වෙනුවට සත්භාවෝදයේදී පසරයක් ලෙසින් ප්‍රවර්ධනය වූවා විය හැක.[1]

සායනික අදාළතාව

ප්‍රදාහය

පාරනාසික කෝඨරක සහ නාසික කුහරය එකිනෙක හා සම්බන්ධ වන්නේ පූට ලෙසින් හැඳින්වෙන කුඩා විවර තුලිනි. අසාත්මික ප්‍රදාහයක් නිසා හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හා සමග ඇතිවන නාසික අතුරුණුවෙහි ඉදිමුමක් නිසාවෙන් හෝ මේවා පහසුවෙන් අවහිර විය හැක. මෙය සිදුවුවහොත්, කෝඨරක තුල ශ්ලේෂ්මලයෙහි සාමාන්‍ය අපවහනයට අවහිරතා සිදුවන අතර, කෝඨරක ප්‍රදාහය ඇතිවිය හැක. කුංජක අපර දත් පිහිටන්නේ කුංජක කෝඨරකය සමීපයෙහි බැවින්, දත් වල ආසාදන වැනි කිසියම් රෝග ක්‍රියාවලීන් පවතියි නම්, සායනික ගැටළු පවා එය විසින් ඇති කර ලිය හැක. අසබඩ ඇති තවත් දතක ආසාදනය මූලාශ්‍ර කොට ගෙන ඇති වන ප්‍රදාහය ආකාරයෙන් වන ද්වීතියක කෝඨරක ප්‍රදාහයද මෙම සායනික ගැටළු වල අංගයක් විය හැක.[2]

අමතර රූප

මෙයද බලන්න

සැකිල්ල:ව්‍යුහ විද්‍යාව-පද

ආශ්‍රිත

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.