![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/22/Tomb_of_Emperor_Qin_Shi_Huang.jpg/640px-Tomb_of_Emperor_Qin_Shi_Huang.jpg&w=640&q=50)
පළමු චින් අධිරාජයාගේ සොහොන්ගැබ
From Wikipedia, the free encyclopedia
පළමු චින් අධිරාජයාගේ සොහොන්ගැබ (චින් ෂි හුවාංගේ සොහොන්ගැබ) (චීන: 秦始皇陵; පින්යින්: QínshǐhuángLíng) පිහිටා ඇත්තේ චීනයේ ෂාන්ෂි පළාතේ ෂි’ආන්හි ලින්තොං දිස්ත්‍රික්කයේ ය. ක්‍රි.පූ. 246 සිට ක්‍රි.පූ. 208 දක්වා වසර 38 කාලයක් තිස්සේ නිර්මිත මෙම සොහොන්ගැබ පිහිටියේ ලුප්ත පිරමීඩයක හැඩැති මීටර් 76ක් උසැති සොහොන්ගොඩැල්ලකට පහළිනි.[1] මෙම මොසෝලියමේ (සොහොන්ගැබේ) සැලැස්ම චින් අගනුවර වූ ෂියැන්යැං ආදර්ශයට ගෙන තනා ඇති අතර, එය ඇතුළත සහ පිටත නගර ලෙස බෙදා ඇත. මෙහි ඇතුළු නගරයේ පරිමිතිය 2.5 km (සැතපුම් 1.55) වන අතර, ඇතුළු නගරයේ එය 6.3 km (සැතපුම් 3.9) වේ. සොහොන්ගෙය පිහිටියේ ඇතුළු නගරයේ නිරිග දිගට වන්නට වන අතර, එය නැගෙනහිරට මුහුණලා ඇත. මිනී පෙට්ටිය සහ භූමදාන වස්තූන් ඇතුළත් ප්‍රධාන සොහොන් කුටීරය මෙම සොහොන්ගැබෙහි ගෘහනිර්මාණ සංකීර්ණයේ මධ්‍යය වේ.
චින් ෂි හුවාංගේ සොහොන්ගැබ | |
---|---|
秦始皇陵 | |
![]() | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටීම | ලින්තොං දිස්ත්‍රික්කය, ෂි’ආන්, ෂාන්ෂි |
රට | චීනය |
ඛණ්ඩාංක | 34°22′54″N 109°15′14″E |
මෙහි සොහොන්ගෙය තවමත් කැනීම්වලට භාජනය කොට නැත. වර්තමානයේ පුරාවිද්‍යා ගවේෂණ සංකේන්ද්‍රණය වී ඇත්තේ සොහොන්ගෙය වටා පිහිටි විශාල නෙක්‍රොපොලිසයේ විවිධ ස්ථාන කෙරෙහි ය. මෙයට නිදසුනක් ලෙස ගොඩැල්ලේ නැගනහිරින් හමුවූ ටෙරාකොටා හමුදාව දැක්විය හැක.[2] ටෙරාකොටා හමුදාව මෙම සොහොන්ගැබට ආරක්ෂක හමුදාවක් ලෙස යොදා ඇති අතර, සොහොන්ගැබ මුළුමණින්ම කැනීම්වලට භාජනය කළ යුතුව ඇත.[3][4]