![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b3/Male_lion_on_savanna.jpg/640px-Male_lion_on_savanna.jpg&w=640&q=50)
පරිසර විද්‍යාව
From Wikipedia, the free encyclopedia
පරිසරවේදය හෙවත් පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව නවීන විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.
![]() | |
![]() ![]() | |
ලෝක ව්‍යාප්තව පරිසරවිද්‍යාව විද්‍යාත්මකව පුහුණුව ලබන ප්‍රදේශ (ඉහළින්), සාමුද්‍රික සහ භූගෝලීය වාසභූමි අධ්‍යයනය(මැද),විලෝපි සතුන් සහ පරාගණය (පහළ). |
පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී.
පරිසර විද්‍යාව සඳහා ඉංග්‍රීසියෙන් Ecologෙයන පදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාඥයෙකු වන අර්නස්ට් හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තර කර නොමැත. මෙ විෂයට අදාළ පළමු වැදගත් ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිද විද්‍යාඥයෙකු වන Eugenius warming විසිනි. එබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ එතුමාවය.
පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.
බොහෝ පාරිසරික ගැටළු මිනිසාගේ ක්‍රියකරකම් හා සම්බන්ධවන බැවින් ආර්ථික විද්‍යාව නීතිය හා සමජ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම නිරන්තරයෙන් පරිසර විද්‍යාවේදී යොදාගැනේ.
පාරිසරික විද්‍යාව දේශගුණ විපර්යාස, සංරක්ෂණය, ජෛව විව්ධත්වය, ජලයේ ගුණාත්මකබව, භූගත ජල දූෂනය, පස දූෂණය වීම , ස්වභාවික සම්පත් භාවිතා කිරීම, කසළ කළමණාකරනය, තිරසාර සංවර්ධණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ආදී ගැටළු ගණනවක් ආවරණය කරයි.
විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශයවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත