පෘථිවි වායුගෝලයේ පහළම මට්ටමේ පිහිටන්නේ පරිවර්තී ගෝලයයි. මුළු වායුගෝලීය ස්කන්ධයෙන් 75% ක ප්‍රමාණයකුත් ජල වාෂ්ප හා වාෂ්පශීලි ද්‍රව්‍යයන් සියල්ලක්ම වාගේත් මෙහි පිහිටයි.

Thumb
පරිවර්තී ගෝලය හා අනෙක් වායුගෝලීය ස්ථර (පරිමාණයට නොවේ)

මධ්‍යම දේශාංශ වලදි පරිවර්තී ගෝලයේ ගැඹුර 11 km (මයිල 7) පමණ වේ. නිවර්තන ප්‍රදේශ වලදී මෙම ගැඹුර වැඩි වන අතර (20 km (මයිල 12)) ධ්‍රැවක ප්‍රදේශ වලදි මෙම ගැඹුර අඩුවේ. (වසන්ත කාලයේදි 7 km පමණද, ශීත සෘතුවේ දී නොසැලකිය හැකි ප්‍රමාණයක්ද වශයෙනි.)

මෙහිදී පෘථිවි පෘෂ්ඨයේ ඝර්ෂණය හේතුවෙන් වායු ගමනාගමනයට බලපෑමක් අති වේ. පරිවර්තී ගෝලයේ පහළම මට්ටම ග්‍රහ මායිම් ස්ථරය ලෙස හඳුන්වන අතර මෙම ස්ථරය සාමාන්‍යයෙන් මීටර සිය ගණකට 2 km (1.2 මයිල) පමණක් විය හැකිය. භූමියේ ස්වභාවය හා දවසේ කාලය අනුව මෙය වෙනස්වේ. පරිවර්තී ගෝලය හා අපරිවර්තී ගෝලය අතර සීමාව පරිවර්තී මණ්ඩලය නම් වේ. එය උෂ්ණත්වය වෙනස්වීම‍හේතුවෙන් හටගෙන ඇත.

චණ්ඩ කැළඹිලි පරිවර්තී ගෝලයේ සැකැස්ම හා හැසීරීම කෙරෙහි වැදගත් කාර්යයක් ඉෂ්ඨ කරයි. අප දෛනිකව අත්දකින කාලගුණ විපර්යාස හටගන්නේ පරිවර්තී ගෝලය තුළය.

ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.