පරමාණුක අරය
From Wikipedia, the free encyclopedia
පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත.
“පරමාණුක අරය” යන පදය ගැටළු සහගතය මක් නිසාදයත් , එය නිදහස් පරමාණුක හා නිදහස් අණු යන දෙකේම වෙනස් අගයන් ලබා දෙන බැවිනි. මෑත භාගයේ දී අයනික අරය යන යෙදුම ද භාවිතයේ ගැටළු ඇත. එයට හේතුව , සහසංයුජ හා අයනික බන්ධන අතර වෙනස පදනම් රහිත බැවිනි.
පරමාණුක අරය මුළුමනින්ම තීරණය වනුයේ ඉලෙක්ට්‍රෝන මගිනි. මෙහිදී පරමාණුක න්‍යෂ්ටිය ෆෙම්ටො මීටරවලින් මණිනු ලැබේ. එම අගය ඉලෙක්ට්‍රෝන වළාවේ අගයට සාපේක්ෂව 100,000 වාරයක් කුඩා වේ. නමුත් ඉලෙක්ට්‍රෝන ඇතැම් පෙදෙසක ගමන් කළද , එයට නියමිත ස්ථානයක් නොමැති බැවින් ඉලෙක්ට්‍රෝන වළාවට එතරම් තියුණු මායිමක් නොපවතී.
මෙම හේතූන් නිසා පරමාණු හා අයනවල විශාලත්වය මැනීමට , පරීක්ෂණාත්මක මිණුම් හා ගණනය කිරීමේ ක්‍රමවේදයන් යොදාගනිමින් අදාල මිණුමක් සොයා ගැනීමේ විශාල උත්සාහයක් විද්‍යාඥයින් දරණ ලදී. මෙහිදී ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් වන්නේ පරමාණු 30 – 300pm (අරය) ප්‍රමාණයේ ගෝල ලෙස හැසිරීමයි. එවිට පරමාණුවල ප්‍රමාණය එකිනෙකින් වෙනස්වන අතර , මේ වෙනස ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය අතර පවතින වෙනස්කම් පැහැදිලි කිරීමට මූලික කරගත හැකිව තිබේ.