නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය යනු දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්ස් හී නිල්ගිරි කඳු පන්තිය ආශ්‍රිතව පිහිටි අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් වේ. මෙම රක්ෂිතය 2012 වර්ෂයේදී යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මදුමලෙයි, මුකුර්ති, වයනාද් සහ බන්ඩිපුර් යන ජාතික උද්‍යානද මෙම රක්ෂිතයට ඇතුලත්ය.

Quick Facts නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය, පිහිටුම ...
නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය
Thumb
නිල්ගිරි කඳු පන්තියේ දසුනක්
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/Nilgiris Biosphere Reserve.jpg" does not exist.
පිහිටුමදකුණු ඉන්දියාව
වර්ග ප්‍රමාණය5,520 km2 (2,130 sq mi)
සංස්ථාපනය1986
Close

මිනිසා සහ ජෛවගෝල වැඩසටහන යටතේ යුනෙස්කෝව විසින් වර්ග කිලෝමීටර 5000ක් පමණ වූ නිල්ගිරි කඳු පන්තියට අයත් මනස්කාන්ත පරිසර පද්ධතිය හා එහි අවට පරිසරය, 1986 වර්ෂයේ සැප්තැම්බරයේදී, ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය ඉන්දියාවේ ප්‍රථම ජෛවගෝල රක්ෂිතය හා ශාක සහ සත්ව සංහතිය අතින් පොහොසත් ප්‍රමුඛතම පාරිසරික උරුමයක් ලෙස සැළකේ. [1]

පිහිටීම

මෙම රක්ෂිතය වර්ග කිලෝමීටර 5,520ක පමණ භූමි වපසරියකින් සමන්විත වන අතර, රක්ෂිතයේ පැතිරීම තමිල් නාඩුව (2537.6 km²), කර්ණාටක (1527.4 km²) හා කේරල (1455.4 km²) යන ප්‍රාන්ත දක්වාද විහිදී පවතී. නිල්ගිරි සානුව සම්පූර්ණ වශයෙන් ආවරණය කරන රක්ෂිතය උතුරු අක්ෂාංශ 10°50′ - 12°16′ අතර හා නැගෙනහිර දේෂාංශ 76°00′ - 77°15′ අතර පිහිටා තිබේ.

රක්ෂිතය ඝාට්ස් බටහිර බෑවුම්හී නිවර්තන හා උපනිවර්තන තෙත් වනාන්තර වල සිට නැගෙනහිර බෑවුම්හී නිවර්තන හා උපනිවර්තන වියලි වනාන්තර තෙක් පැතිර පවතී. වාර්ෂික වර්ෂාපතනය මිමි 500 ත් 7000 අතර විචලනය වේ. නිරිතදිග ඝාට්ස් තෙත් පතනශිලී වනාන්තරය, නිරිතදිග ඝාට්ස් කඳුකර වැසි වනාන්තරය හා දකුණු ඩෙකෑන්සානු වියළි පතනශීළි වනාන්තරය යන ප්‍රධාන පරිසර කලාප තුනකින් මෙම රක්ෂිතය සමන්විත වේ.

සත්ව හා ශාක සංහතිය

ක්ෂීරපායී විශේෂ 100 කට වැඩි ප්‍රමාණයක්, පක්ෂි විශේෂ 350 ක්, උරග විශේෂ 80 ක්, මතස්‍ය විශේෂ 39 ක්, උභය ජීවී විශේෂ 31 හා සමනල විශේෂ 316 ක් පමණ මෙහි සත්ව සංහතියට අයක් වේ.[2]

ශාක විවිධත්වය අතින් නිල්ගිරි රක්ෂිතය ඉතා ඉහල මට්ටමක පවතී. විශේෂ 3,300 ක පමණ සපුෂ්ප ශාක ප්‍රමාණයක් මෙහි දැකගත හැකිවන අතර ඉන් විශේෂ 132ක් මෙම රක්ෂිතයට පමණක් ආවේණික වේ. 80% ක පමණ සපුෂ්ප ශාක ප්‍රමාණයක් බටහිර ඝාට්ස් ප්‍රදේශයෙන් වාර්ථා වේ.[3]

උද්‍යාන

නිල්ගිරි රක්ෂිතයට අයත් උද්‍යාන කිහිපයකි.

  • බන්ඩිපුර් ජාතික උද්‍යානය, කර්ණාටක
  • මදුමලෙයි අභය භූමිය, තමිල් නාඩුව
  • මුකුර්ති ජාතික උද්‍යානය, තමිල් නාඩුව
  • සත්‍යමංගලම් අභය භූමිය, තමිල් නාඩුව
  • නගාර්හෝල් ජාතික උද්‍යානය, කර්ණාටක
  • සයිලන්ට් වැලී ජාතික උද්‍යානය, කේරල
  • වයනාද් අභය භූමිය, කේරල

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.