From Wikipedia, the free encyclopedia
ධර්ම සංගායනා වල මූලික අරමුණ වී ඇත්තේ බෞද්ධ සංඝ සමාජය හා බුදු දහම කෙරෙහි ශ්‍රමණ වේශධාරීන්ගෙන් පැමිණි උවදුරු සමනය කොට සංඝයාත් බුද්ධ ධර්මයත් පාරිශුද්ධියට පත් කරලීමය. ධර්ම සංගායනාවක් යනු, එකට එකතු වී දහම් කරුණු සාකච්ඡා කිරීමයි..
විනය සංගීති නමින්ද මෙම සංගායනාව හඳුන්වයි.සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය.
චුල්ලවග්ගයේ එන වාර්තාව අනුව ප්‍රථම සංගීතියට මුලික ලෙස හේතු දෙකක් පාදක වී ඇත.
මහා සාංඝික, මහීසාසක, ධර්මගුප්තික හා සර්වාස්තිවාදී සම්ප්‍රදායන්ට අයත් විනය ග්රන්ථ වලද ප්‍රථම ධර්ම සංගායනාවට හේතු මෙලෙස සඳහන්වේ.මෙම මුලික හේතුවට අමතරව තවත් හේතු රාශියක් පළමු සංගායනාව පැවැත් විමට හේතු වු බව මුලාශ්‍ර වළ හදුනාගත හැකිය.ඒ අතර මුලික වන්නේ බුදුන් ජිවමාන කලයේදි සංඝ සමාජය තුල විවිද ගැටලු පැවති අතර ඒම ගැටලු උන්වහනසේගෙන් පසුව තව තවත් බහුල විය හැකි නිසා සංගායනාවක් පවත්වන්නට අවශ්‍ය වන්නට ඇත.මන්ද සුභද්ද වුව ඉහත ආකාරයේ ප්‍රකාශයක් බුද්ධ පරිනිර්වාණයත් සමගම සිදු කිරිම බුදුන් ජිවමාන කාලයේ පැවති ගැටලු වල ප්‍රතිඵලක් බව සිතිය හැකිය.
- ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව තිබු ගැටළුව විසඳීම
- ධර්ම විනය ආගමේ ශාස්ත්‍රවරයා ලෙස ස්ථාපිත වීම
- ආනන්ද හිමියන්ට එල්ල වී තිබූ චෝදනා වලින් නිදහස් වීම
- ආනන්ද හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරය හෙළි වීම
- චන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය නියම වීම
- භානක පරම්පරාවක් බිහි වීම
-බුදුරදුන් පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මය හා විනය එක් රැස් කර ගැනීමට හැකියාව ලැබීම.
-නිකායන් 5ක් ඇති වීම.
මහරහන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වය තිබූ අතර මුලිකත්වය ගෙන කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය.(භික්ෂුන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට පංචසතිකා සංගීතිකා යැයි ද කියනු ලැබේ.)
ථෙරවාදී මුලාශ්රවල සඳහන් පරිදි රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරය.
වංශ කථාවන්හි හා සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් පරිදි මගධාධීපති බිම්බිසාර රජුගේ පුත් අජාසත් රජතුමාගෙනි.
සත් මසක් මුළුල්ලේ පැවති මෙම ධර්ම සංගායනාවේදි උපාලි හිමියන්ගෙන් පළමුව විනය ප්‍රශ්න විචාළහ. නිදාන පුග්ගල, වස්තු, ප්රඥප්ති,අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති යනාදී විස්තර සහිතව භික්ෂු භික්ෂුණී ප්රාතිමෝක්ෂ ශික්ෂා පද සියල්ලම පුජ්ජාවිස්සජ්න ක්‍රමයෙන් විනය සංගායනා කළහ. අනතුරුව, ධර්ම සංගායනා කළහ. ප්‍රශ්නෝත්තර ක්‍රමය මේ සඳහා යොදා ගත්හ. අනඳ තෙරණුවන් ලවා පංචනිකායම සංගායනා කළහ.සුත්‍ර පිටකය හා අභිධර්මය මෙහිදී සංගායනාවට භාජනය විය.
ඛුද්දානු ඛුද්දක ශික්ෂාපද පිළිබඳව සාකච්ජා කළහ.සංගායනාවෙන් පසුව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවීය.
අනඳ තෙරුන්ට එරෙහිව චෝදනා 5ක් සංගීතිය අවසානයේඑල්ල වූ අතර තමන් එයට නිර්දෝශී වීමට හේතු සාධකද අනඳ තෙරුන් විසින් ඉදිරිපත් කළහ.
1.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම. බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව.
2.බුදු රදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම. සිවුර මසද්දී සහාය වීමට කිසිවෙකු නොසිටි බැවින් එසේ කරන්නට සිදු විය.
3.බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම. බුදු රදුන්ගේ ශ්‍රි දේහයට බුහුමන් දැක්වීමට පැමිණි මහා ජනකාය බහුල වීම නිසා කාන්තාවන්ට කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට ඉඩ සැලැස්වීම.
4චේතියේ දී බුදුන් පිරිනිවි පාන බව අඟවද් දී කල්පයක් ඡීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම. තමන්ගේ සිත ද එවෙළෙහි මරුට වසඟව තිබු හෙයින් එසේ ඉල්ලා සිටීමට නොහැකි වීම.
5.තථාගත ශාසනයේ ස්ත්රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත්වීම. ප්‍රජාපතී ගෝතමිය කෙරෙහි තිබූ මහත් ගෞරවය නිසා එලෙස කිරීම.
අනඳ හිමියන්ට එරෙහිව පැවති චෝදනා 5ට අතිරේකව ටිබෙට් දුල්වා ග්රන්ථයෙහි තවත් චෝදනා 2ක් දක්වා ඇත.
1.එක් එක් ධර්ම කොටස් භික්ෂු පරම්පරාවන්ට ආරක්ෂා කොට පවත්වා ගෙන යාම සඳහා පැනවීම.
2.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද වෙනස් නොකිරීම.
3.අනඳ තෙරුන්ට තිබූ චෝදනා වලින් නිදහස් වීම
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.
වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තුව චුල්ලවග්ග පාලියේ සඳහන් දස අකැප වස්තුව
මහාසාංඝික දශ වස්තුව
සර්වාස්ථිවාදීන්ගේ විනය ක්ෂුද්රක ග්රන්ථයෙහි දශ වස්තුව මෙලෙස දක්වා ඇත.
මෙලෙස ථෙරවාද, මහාසාංඝික, මූලසාර්වස්ථිවාදී යන සම්ප්‍රධායන්වල දශ වස්තුව අතර සුළු සුළු වෙනස්කම් පැවතියද මේවායෙහි එක්තරා පොදු බවක් විද්‍යමාන වෙයි.
විශාලා මහනුවර වාලුකාරාමයේදී.
ධර්මධර, විනයධර තෙරවරුන් 700නමකගේ සහභාගිත්වය ඇතුව සබ්බකාමී මහරහතන්වහන්සේ ප්‍රධානත්වය ගෙන ක්රීයා කළහ.(භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)
කාලාශෝක රජතුමා දෙවන ධර්ම සංඝායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ය.
අට මසක් පුරාවට පැවැත්වූ මෙම සංගායනාවේ ප්‍රතිඵල වූයේ සංඝ සමාජය ප්‍රථම වතාවට නිකායවලට බෙදීම.
මුල්ම සංඝ සමාජය ථෙරවාදී හා මහා සාංඝික ලෙස ප්‍රධාන නිකායන් දෙකකට බෙදුණි.පසුව මෙය තවත් අනු නිකායන් කිහිපයකට බෙදී ගියහ.එය පහත සටහනින් නිරූපණයවේ.දස වස්තුව පිලිගත් විශාල හික්ෂූ පිරිසක් වූ අතර වුන වහන්සේලා විසින් මහා සාංගික නමින් වෙනම නිකායක් පිහිටුවා ගැනිම හා එකග වූ ශික්ෂාකාමී වූ පැරණි භික්ෂූ සම්ප්රදාය තේරිය නමින් පෙනි සිටී ම
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස්හයකට පසුව (බු.ව.236) අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් මාස නවයක් පුරා සිදු කළහ.
සංඝයා අතර අසමගිය ඇතිවීම් හා ධර්මය විකෘති වීම.
පැළලුප් නුවර අශෝකාරාමය
රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වය ඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.(රහතන් වහන්සේලා 1000 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බැවින් මෙයට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ)
ධර්ම විනයධර ප්‍රබල තෙර නමකගේ නායකත්වය යටතේ රටවල් නවයකට ධර්මදුත පිරිස් පිටත්කර යැවූ බව වංස කතාවල සඳහන් වෙයි. රට, ප්‍රධානත්වය, සුත්‍රය
4. සිව්වන සංගායනාව: ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. 29 දී පවත්වන ලද මෙම රැස්වීම ත්‍රිපිටකය (බෞද්ධ ග්‍රන්ථවල කූඩ තුන) සජ්ඣායනය කිරීම හා සංරක්ෂණය කිරීම අරමුණු කර ගෙන ඇත.මේ සදහා වසර 2කුත් මාස5කුත් ගතවිය.
5. පස්වන සංගායනාව: බුරුමයේ (දැන් මියන්මාරයේ) මැන්ඩලේහි ක්‍රි.ව. 1871 දී පවත්වන ලද එය බුරුම අක්ෂරවලින් බෞද්ධ ග්රන්ථ ලිවීම සහ සංරක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය.
6. හයවන සංගායනාව: ක්‍රි.ව. 1954 දී බුරුමයේ රැංගූන් (වර්තමානයේ යැංගොන්, මියන්මාරය) හි සංවිධානය කරන ලද එය බුරුම අක්ෂරවලින් සමස්ත බෞද්ධ ග්‍රන්ථය සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.