ද්වාරය:දේශපාලනය
From Wikipedia, the free encyclopedia
![]() | Portal maintenance status: (2022 ජූලි)
|
හැඳින්වීම
දේශපාලනය වූ කලී සමාජ විද්‍යාවකි.
තෝරාගත් සාමාන්‍ය ලිපි
- Image 1government servants retirement and pension gratuity details lk in sinhal (තව දුරටත්...)
- Image 2
The members of political parties coordinate to collectively achieve and use political power.
දේශපාලන පක්ෂයක් (ඉංග්‍රීසි: political party) යනු මැතිවරණ ව්‍යාපාරයන්හී යෙදෙමින් රජයක් තුල දේශපාලන බලතල ලබාගැනිම ට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි. මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරකරමින් ඡන්දය ලබාගැනිම මේවා සිදූ කරයි. (තව දුරටත්...) - Image 3බලතල බෙදීම යනු ප්‍රංශ දේශපාලන විද්‍යාඥයකු වූ බරොන් ඩී මොන්ටිස්කු විසින් හඳුන්වන ලද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යවලට ගත හැකි ආදර්ශනයකි.
පුරාණ ග්‍රීක නගර රාජ්‍යවල ව්‍යවස්ථාවලින් මෙම බලය බෙදීම නැමැති ආදර්ශනය සංවර්ධනය විය. කෙසේ වුව ද ප්‍රථමයෙන් රෝම සමූහාණ්ඩුවේ මෙය පුළුල් ලෙස භාවිතා වුණි. මෙය රෝම සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණක් ලෙස විග්රහ වී ඇත. මෙම ආකෘතිය යටතේ රාජ්‍යය ශාඛා වලට බෙදෙන අතර ඒ හැම ශාඛාවක්ම වෙනස් හා ස්වාධීන බලතල සතුවන අතර ඒවාට වගකීමට බලප්‍රදේශ ද ඇත. මෙම බලප්‍රදේශය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වේ.
බලතල බෙදීමට යෝජනා කරන්නන් විශ්වාස කරන්නේ ඒ මඟින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂාවන බවත් දුෂ්ට ඒකාධිපතිවරුන් බලයට පත්වීමට හරස්වීමත් සිදුවන බවය. බලතල බෙදීමට විරුද්ධ අදහස් දරන්නන් විමසන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සමඟ බලය සම්බන්ධවීමේ දී මිශ්‍ර වීමේ දී බලාපොරොත්තු වන අවසාන ඉලක්කය සාර්ථක ලෙස ඉටු වෙනවාද යන්නයි. තවදුරටත් විවේචකයින් මතු කරන්නේ දුෂ්ට ඒකාධිපති පාලනයට පෙර හරස්වීමක් නොවුව ද ආණ්ඩු කිරීමේ ක්‍රියාදාමය පමා වීමත්, විධායකය දුෂ්ට ආඥාදායකත්වයට යොමු වීමත්, වගකීම් සහගත නොවීම හා ව්‍යවස්ථාදායකය සීමා කිරීමට පෙළඹවීමත් සිදුවන බවයි. (තව දුරටත්...) - Image 4අන්තර් - ජාතීය සබදතා / අන්තර්ජාජාතික සබදතා ජාත්‍යන්තර සබදතා.
අතීතයේ ලොව බොහො රටවල් ස්වයං පොෂිත අර්ථ ක්‍රම පැවතුනි. පසුව ජනගහණය වර්ධනය සමග ඊට සාපේක්ෂව මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීම පදනම් කරගෙන භාම්ඩ සදහා පවතින ඉල්ලුම වැඩි වුණා.. (තව දුරටත්...) - Image 5
අධිකරණ සංකේතය
අධිකරණය හෝ අධිකරණ පද්ධතිය යනු රාජ්‍යයේ නාමයෙන් සාධාරණත්වය ඉෂ්ඨ කරන උසාවි පද්ධතියකි. මෙය ප්‍රධාන වශයෙන් ගැටුම් විසදීමේ යාන්ත්රනයකි. විනිශ්චයකාරවරුන්, මහේස්ත්‍රාත්වරුන් වැනි ප්‍රධාන චරිතවලට අමතරව සමාජ සාධාරණ ක්‍රියාවලට සහය දක්වන පුද්ගල සමූහයන් සඳහාද මෙම යෙඳුම භාවිතා කෙරේ. බලතල වෙන් කිරීමේ න්‍යාය අනුව අධිකරණයක් යනු නීතිය විවරණය කරන රාජ්‍යයේ, ශාඛාවයි. එම නිසා ව්‍යවස්ථාදායකය මගින් පැනවූ නීති මෙසේ විවරණය කෙරේ.- පොඳු නීතිය බලපාන අධිකරණ ක්ෂේත්රවල අධිකරණ නීති පූර්ව නිගමන න්‍යාය වශයෙන් ගෙන නඩු තීන්දු මගින් නිති සකස්කිරීමට අධිකරණයට හැකිය.
- Image 6ව්‍යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.
ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත. (තව දුරටත්...)
Need help?
Do you have a question about දේශපාලනය to which you can't find the answer?
Consider asking it at the Wikipedia reference desk.
Associated Wikimedia
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)