ද්වාරය:සිනමාව
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2023 නොවැම්බර්)
|
හැඳින්වීම
සිනමාව යන පදය මගින් චිත්‍රපටි, කලාවක් ලෙස චිත්‍රපටි ක්ෂේත්රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැඳින්විය හැක. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවි කරණ ක්‍රම භාවිතය මගින් රූපරාමු නිර්මාණය හෝ විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදුකෙරේ.
චිත්‍රපට නිශ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණු සංස්කෘතිකමය මානවකෘතීන් ලෙස සැලකිය හැකි අතර පෙරලා ඒවා මගින් සංස්කෘතිය වෙත ද බලපෑම් ඇති වේ. ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක්, පුරවැසි අධ්‍යාපනය (හෝ අධිශික්ෂණය) සැපයීම සඳහා ප්‍රබල ක්‍රම වේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැලකිය හැක. සිනමාවෙහි දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සංනිවේදක හැකියාවක් පවතියි. ඇතැම් චිත්‍රපට හඬකැවීම් හෝ උපසිරැසි (මෙහිදි සංවාද පරිවර්තනය කොට ඉදිරිපත් කෙරෙයි) යෙදාගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්ධ නිර්මාණ බවට පත්ව ඇත.
සාම්ප්‍රදායික ක්‍රමයේදී චිත්‍ර පටයක් තනිතනි රූපරාමු රැසකින් යුක්ත වේ. මෙම රූපරාමුව එකදිගට වේගවත්ව ප්‍රදර්ශනය කරන විට නිරීක්ෂකයා හට චලනයක් සිදුවේ යැයි හැඟේ. මෙහිදී රූපරාමු මාරුවීම නිරීක්ෂකයා හට දැකිය නොහැකි අතර ඊට හේතුව ඇස තුළ අපට පෙනෙන යම් වස්තුවක රූපය එම වස්තුව මුල් පිහිටුමෙන් ඉවත් වු පසුව ද තත්පරයකින් කුඩා කාලයක් දක්වා ඇස තුළ පැවතීමේ ආචරණයයි. (Persistence of Vision) ඒ අනුව නිරීක්ෂකයන් චලනයක් සිදුවේ යැයි තීරණය කරන අතර ඒ සඳහා බීටා චලනය නම් මානසික ආචරණය හේතුවේ.
තෝරාගත් ලිපි
- Image 1
අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි) යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායකි. එහි දී චරිත නිරූපණය, නිෂ්පාදන කණ්ඩායම, පෞද්ගලික චරිතාපදාන, කථා සාරාංශ, ප්‍රමාණන, රසික සහ විචාරක විචාරයන් ද මෙහි ඇතුළත් ය. මුලින් රසිකයන් විසින් ක්‍රියාත්මක කළ වෙබ්අඩවියක් වූ මෙය වර්තමානයෙහි IMDb.com, Inc. නම් වූ ඇමසන් සමාගමේ අනුබද්ධිත අඩවියක් ලෙස පවතියි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට චිත්‍රපට සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව