![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fb/1st_Dalai_Lama.jpg/640px-1st_Dalai_Lama.jpg&w=640&q=50)
දලයි ලාමාතුමා
From Wikipedia, the free encyclopedia
දලයි ලාමා යන තනතුර පිරිනමන්නේ 'ගෙලජ්' නම්වූ ටිබෙට් බෞද්ධ පාසලක ආධ්‍යාත්මික නායකයාටය.විශ්වාස කරන පරිදි මෙම පුද්ගලයා මියයන නැවත ඉපදෙන චක්‍රයෙන් නිදහස්ව සර්වඥතාවයට පැමින ජීවය පවත්වා ගෙන යන්නෙකි.තම විමුක්තිය සොයාගත් ඔවුන් නැවත මෙ මිහිතලයෙහි ඉපදෙන්නේ මානව වර්ගයාට ඉගැන්වීමටය.'ලාමා'(ගුරුවරයා යන තේරුම ඇති )යන තනතුර ප්රදානය කරනුලබන්නේ ටිබෙට් බෞද්ධ පූජකවරුන්ටයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fb/1st_Dalai_Lama.jpg/320px-1st_Dalai_Lama.jpg)
17 වන සියවස හා 1959 අතරමැද කාලය තුළ ටිබෙටයේ පාලකයා ලෙස, රටෙන් වැඩි කොටසක් පාලනය කිරීම සඳහා(ප්‍රධාන නගරය වන 'ලාසා'ද ඇතුලුව ) දලයි ලාමා පත්විය.1959 සිට මධ්‍යම ටිබෙට් පාලක මණ්ඩලයේ මුලසුන දැරීමටද දලයි ලාමාට හැකිවිය.දලයි ලාමා 'ගෙලජ්' පාසලේ ප්‍රධානියා ලෙස සැලකුවද මෙම තනතුර හිමිවන්නේ 'ගන්දෙන් ට්‍රිපා'ටය.
ටිබෙට් ජාතිකයින් දලයි ලාමා 'ග්යල්වා රින්පොචෙ'('සුවිශේෂී ජයග්‍රහණය' ) යන විරුදවලියෙන් හෝ 'යෙශෙ නොර්බු' (ඉෂ්ටාපූර්තික මානික්‍යය )ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් මෙතුමා පාප් වහන්සේටද සමාන කොට සලකනු ලැබේ.