කිසියම් ද්‍රව්‍යයක තාපාංකය යනු එම ද්‍රවය නටන උෂ්ණත්වය හෝ වේගවත් වාෂ්පීකරණ තත්වයකට ඇතුල් වන උෂ්ණත්වය වේ. පිරිසිදු ජලය සඳහා මෙය 100°C හෙවත් 212°F වේ. තාපාංකය යනු ලබන්නේ ද්‍රවයේ සංශුද්ධ වාෂ්ප පීඩනය එක් වායුගෝල පීඩනයකට (1 atm) සමානවන විට පවතින උෂ්ණත්වයයි.

Thumb
ඩොමිනිකානු රාජ්‍යයේ උතුරා නටන විල

තාපාංක කිහිප ආකාරයකින් වෙනස් කළ හැක. ද්‍රවයට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීම මගින් සාමාන්‍යයෙන් තාපාංකය වෙනස් වේ. එමෙන්ම ද්‍රවයේ පීඩනය වෙනස් කිරීම මගින්ද තාපාංකය වෙනස් වේ.

සීනි, ලුණු හෝ වෙනත් අපද්‍රව්‍යය ජලයට එකතු කළ විට සාමාන්‍යයෙන් තාපාංකය ඉහළ වනු ඇත. ඇල්කොහොල් (මධ්‍යසාර) එකතු කිරීමෙන් තාපාංකය අඩු කර ගත හැකිය.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.