තාපය

From Wikipedia, the free encyclopedia

නිශ්චල සත්වයෝ යමපල්ලන් විසින් තවනු ලබන හෙයින් තාප නම් වේ යැයි ධර්මයේ සඳහන් වේ. මෙහි නිරිසත්වයෝ ගිනිගෙන දිලිසෙන යකඩ පොළවෙහි ඇලී ගැලී සෙලවෙන්නටවත් නොහැකිව පෙරළෙන්නටවත් නොහැකිව දරුණු ගින්නෙන් දැවෙනවා කියලා තමයි විස්තර වෙන්නේ. තාප නිරයේ ස්වභාවය නම් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා සෙලවීමට නොහැකි වන පරිදි කෙළින් සිටුවා ඒවායේ අමුණන ලද නිරි සත්වයින්ව ගින්නෙන්ද දැවෙන්නට සැලැස්වීමයි. ලෝදියෙන් පිරී ඉතිරී ගිය අධික උෂ්ණත්වයක් සහිත මේ අපාය තුල ඒ අධික තාපයට හසුවෙලා වාෂ්ප වෙලා වායුවක් බවට පත්වෙන්නට සිද්ධ වෙනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වේ.

සිත, කය, වචනය භාවිතා කරන්නේ අන් ගෙවල් දොරවල් වනසමින්, මංමාවත් වනසමින්, පොදු දේපළ සූරාකමින්, විනාශ කරමින්, තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කමින්... අධර්මිශ්ඨ පාලනයක් මොන මට්ටමකින් හෝ සිදුකරමින්... තවත් සත්වයෙකුට හෝ සත්ව පිරිසකට සිතට ගිනි දෙන්නට සිතින් දැවෙන්නට දුක් වෙන්නට අසහනයට පත්වෙන ආකාරයෙන් කටයුතු කළ අය මෙහි උපදී.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.