![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9d/Circle-trig6.svg/langsi-640px-Circle-trig6.svg.png&w=640&q=50)
ත්‍රිකෝණමිතික ශ්‍රිත
From Wikipedia, the free encyclopedia
"කෝසයිනය" මෙතැනට යළියොමුවෙයි. සාම්‍යය මිණුම සඳහා, කෝසයිනය සාම්‍යය බලන්න.
ගණිතයේදී, ත්‍රිකෝණමිතික ශ්‍රිත (වෘත්තාකාර ශ්‍රිත ලෙසද හැඳින්වේ) යනු කෝණයක ශ්‍රිත වේ. ඒවා භාවිතා වන්නේ ත්‍රිකෝණයක කෝණ ත්‍රිකෝණයෙහි පැතිවල දිගට අදාළ කිරීමටය. වෙනත් බොහෝ භාවිතා අතර, ත්‍රිකෝණ පිළිබඳ හැදෑරීමට සහ ආවර්තික සංසිද්ධින් ආදෘශ්‍යනය කිරීමට ත්‍රිකෝණමිතික ශ්‍රිත වැදගත් වෙයි.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9d/Circle-trig6.svg/640px-Circle-trig6.svg.png)
ත්‍රිකෝණමිතික ශ්‍රිත පොදුවේ, කෝණය අඩංගු වන සෘජුකෝණි ත්‍රිකෝණයක පාද දෙකක දිග අතර අනුපාතයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එසේම ඒකක වෘත්තයක සිට විවිධ රේඛා කාණ්ඩවල දිග ලෙසද අර්ථ දැක්විය හැකිය. බොහෝ නවීන අර්ථ කථනයන් මගින් එය අපරිමිත ශ්‍රේණි ලෙස හෝ අභිමත ධන හෝ සෘණ අගයන්ට හා සංකීර්ණ සංඛ්‍යාවලට පවා විස්තාරණය වූ අවල්‍ය සමීකරණවල විසඳුම් ලෙස වඩාත් පුළුල් ලෙස දැක්විය හැකිය.