![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6e/Closeup_of_female_breast.jpg/640px-Closeup_of_female_breast.jpg&w=640&q=50)
පියයුර
From Wikipedia, the free encyclopedia
තනය යනු, අග්රේෂයෙකුගේ, ඌනකායේ, වම් හා දකුණු පැති වල, උඩු උදරීය පෙදෙස වන අතර, ස්ත්‍රියකගේ මෙය තුල ස්තන ග්‍රන්ථිය පිහිටා ඇති අතර ළදරුවන්ට පෝෂණය ලබා දීම සඳහා භාවිතා කෙරෙන කිරි ඒවායින් වැස්සෙයි.
Quick Facts තනය, විස්තර ...
තනය | |
---|---|
![]() ගැබිණි කාන්තාවකගේ තනය | |
විස්තර | |
ලතින් | ලතින්: මමා (මමාලිස් “තනයට අයත්”) [1] |
ධමනිය | අභ්‍යන්තර උරස් ධමනිය |
ශිරාව | අභ්‍යන්තර උරස් ශිරාව |
Anatomical terminology |
Close
පිරිමින් සහ ගැහැණුන් යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම කලල විද්‍යාත්මක පටකයන්ගෙනි . කෙසේවෙතත්, යෞවනෝදයෙහිදී, ස්ත්‍රී ලිංගික හෝර්මෝන, ප්‍රධාන වශයෙන් එස්ට්‍රජන් විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, ටෙස්ටස්ටරෝන් අධික ප්‍රමාණයක් ස්රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.