ජෝන් සෙනෙවිරත්න
From Wikipedia, the free encyclopedia
ඩබ්ලිව්. ඩී. ජෝන් සෙනෙවිරත්න ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ රජයේ හිටපු අමාත්‍යවරයෙකි.
John Senewiratne | |
---|---|
ජෝන් සෙනෙවිරත්න ஜான் செனவிரத்ன | |
Economic and Policy Development | |
ජනාධිපතිවරයා | Gotabhaya Rajapaksha |
අග්‍රාමාත්‍යවරයා | Mahinda Rajapaksha |
Minister of Labour and Trade Union Relations | |
තනතුර දරමින් 4 September 2015 – 12 April 2018 | |
ජනාධිපතිවරයා | Maithripala Sirisena |
අග්‍රාමාත්‍යවරයා | Ranil Wickremesinghe |
Minister of Health | |
තනතුර දරමින් 2000–2001 | |
Minister of Justice & Judicial Reforms | |
Minister of Power & Energy | |
Minister of Public Administration & Home Affairs | |
තනතුර දරමින් 2010 – 12 January 2015 | |
Member of Parliament for Ratnapura | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 15 February 1989 | |
පුද්ගලික තොරතුරු | |
උපත | ජනවාරි 15, 1941 (1941-01-15) (වයස 83) |
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
වෙනත් දේශපාලන සබැඳියා | United People's Freedom Alliance |
වාසස්ථාන(ය) | 1119 Wijerama Road, Colombo 07 |
වෘත්තිය | Attorney-at-Law |
රත්නපුර කහවත්තේ උපන් සෙනෙවිරත්න වෙලතන්තිරිගේ පොඩි අප්පුහාමි සහ සෝමා විජේසුන්දර යුවළගේ පුත්‍රයාය. ඔහු කුඩා කාලයේදීම ඔහුගේ පියා මිය ගිය අතර, ඔහු හැදී වැඩුණේ ඔහුගේ මව සෝමා විජේසුන්දර විසිනි. ඔහු පල්මඩුල්ල ගංකන්ද විද්‍යාලය, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, ඇක්වයිනාස් විද්‍යාලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී සෙනෙවිරත්න නීති ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළේය. මෙම අත්දැකීම ඔහුට ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ක්‍රියාකාරී නායකයකු වීමට ඉවහල් විය.
1977 දී ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනයට මුලින්ම පිවිසෙන විට ශ්‍රී ලංකා නිදහස් සන්ධානය දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටියේය. මේ අර්බුදකාරී තත්ත්වය තුළ පැල්මඩුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස සෙනෙවිරත්න කටයුතු කළා.
සෙනෙවිරත්න ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට ප්‍රථම වරට පිවිසෙන්නේ 1989 වසරේදීය. ඔහු 1995 දී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, 1997 දී කම්කරු අමාත්‍යවරයා ලෙසත් පත් කරන ලදී. 2000 දී ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත්තේය. පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ අධිකරණ හා අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසද; ඔහු දැනට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාය.