From Wikipedia, the free encyclopedia
ජෝන් ක්‍රිසොස්ටොම් (ප. 347 – 14 සැප්තැම්බර් 407)[5] යනු වැදගත් මුල් සභා පියතුමෙකු වූ අතර කොන්තන්තිනෝපල් අගරදගුරුතුමා වශයෙන් සේවය කලේය. ඔහුගේ ධර්මදේශනා සහ ප්‍රසිද්ධ කථනය, ශාසනානුකූල සහ දේශපාලන යන දෙවගයේම නායකයන් විසින් බලය දුර්භාවිතය[6] එතුමා විසින් හෙළා දැකීම, ඔහුගේ ඩිවයින් ලිටර්ජි ඔෆ් සෙන්ට් ජෝන් ක්රිසාස්ටොම්, සහ එතුමාගේ ශ්රමණවාදී සංවේදීතාවන් පිළිබඳව එතුමා ප්‍රසිද්ධ විය. එතුමා සඳහා භාවිතා කෙරෙන Χρυσόστομος (ක්රිසොස්ටොමොස්, ඉංග්‍රීසි පන්නයට හැරවූ විට ක්‍රිසොස්ටොම්) නම් ගුණාංග වාචකයෙහි අර්ථය ග්‍රීක භාෂාවෙන් "රන්වන්-මුඛයක්-ඇත්තා" යනුවෙන් වන අතර එතුමාගේ කීර්තිමත් වාග් චාතුර්යය හුවාදක්වයි.[1] [7] ක්රිසොස්ටොම්තුමා ආදි ක්‍රිස්තියානි සභාවෙහි වඩාත් බහුප්රජ කතුවරයන් අතරින් එක්අයෙකු වූවත්, ඇලෙක්සැන්ඩ්රියාවෙහි ඔරිජන්[8] සහ හිපෝහී ඔගස්ටීන්[9] යන දෙදෙනාම ක්රිසොස්ටොම්තුමා අභිබවා ගියහ.
ශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමා | |
---|---|
| |
උපත | ප. 347[lower-alpha 1] ඇන්ටියෝක් (වර්තමානයෙහි ආන්ටාක්යා, හතායි, තුර්කිය) |
මරණය | 14 සැප්තැම්බර 407 (වයසප. 58)[1] කොමානා පොන්ටුස් ප්‍රදේශයෙහි (වර්තමානයෙහි ගුමෙනෙක්, තෝකාත්, තුර්කිය)[1] |
ගරු කරනු ලබනුයේ |
|
ශුද්ධවර භාවයට එසවූයේ | පූර්ව-සාංගමික |
මංගල්‍යය දින |
|
ලාක්ෂනික ගුණාංග | ශුභාරංචි පොතක් හෝ ලේඛ්‍ය පත්‍රයක් දරාගෙන, ආශිර්වාද කරමින් දකුණත ඔසවා සිටින රදගුරුතුමෙක් ලෙසින් සැලකෙයි. නිරාහාර ශීලයෙහි යෙදීම නිසා වැහැරුණු සිරුරක් සහිත, පුළුල් නලලක් සහිත, කළු කෙස් සහිත තට්ටයක් ඇති සහ නිකටෙහි කුඩා රැවුලක් සහිත අයෙකු ලෙසින් එතුමා නිරූපණය කෙරෙයි. සංකේත: මීවදය, සුදු පරෙවියෙක්, තැටියක්, බයිබලයක් මත කාලිස් පාත්‍රය, පෑන සහ තීන්ත කුප්පිය[තහවුරු කර නොමැත] |
අනුග්‍රාහකත්වය | කොන්ස්තන්තිනෝපලය, අධ්‍යාපනය, අපස්මාරය, දේශකයෝ, මහජන කථිකයෝ,[3] ධර්මදේශකයාs[4] |
පෙරදිග ඕර්තඩොක්ස්, නැගෙනහිර ඕර්තඩොක්ස්, කතෝලික, එංගලන්ත, සහ ලූතරයානු සභා මෙන්ම වෙනත් සමහර සභා විසින්ද එතුමා ශුද්ධවරයෙකු ලෙසින් ගරු බුහුමනට පාත්‍ර වෙයි. බයිසැන්ටියානු කතෝලිකයන් හා සමගින් නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව විසින්, එතුමාට ශුද්ධවූ සභා-ප්‍රධානින් තිදෙනා අතරින් (මහා බැසිල් සහනැසියාන්සුස් හී ග්‍රෙගරි සමගින්) එක්අයෙකු ලෙසින් විශේෂ ගරුත්වයක් දක්වති. නැගෙනහිර ඕර්තඩොක්ස් සභාව විසින් ජෝන් ක්රිසොස්ටොම්තුමාගේ මංගල්‍යය දිනය ලෙසින් සලකන්නේ සැප්තැම්බර 14, නොවැම්බර 13 සහ ජනවාරි 27 යන දිනයන්ය. රෝමානු කතෝලික සභාව විසින් එතුමා සභා වියතෙක් ලෙසින් සැලකෙයි. එතුමා මිය ගිය දිනය තුලදී ශ්‍රී කුරුසියේ විජයග්රහණ මංගල්‍යය පවත්වන බැවින් (සැප්තැම්බර් 14), පොදු රෝමානු දිනදසුන විසින් 1970 වසරෙහි සිට එතුමා සමරන්නේ පෙර දිනයෙහිය, සැප්තැම්බර 13; 13වන සියවසෙහි සිට 1969 වසර දක්වා ජනවාරි 27 දිනදී ඔවුන් එසේ කලේ එතුමාගේ දේහය කොන්ස්තන්තිනෝපලය දක්වා සංක්‍රමණය කෙරුණු දිනය සිහිපත් කිරීමටය.[10] එංගලන්ත සභා අගරදගුරු බලප්රදේශයන් සහ ලූතරයානු සභා ඇතුළු අනෙකුත් බටහිර සභා අතරින් සමහරක් එතුමා සිහිකරනුයේ සැප්තැම්බර් 13 දින වන අතර, අනෙකුන් ජනවාරි 27 දින සමරති. එංගලන්ත සභාවෙහි සහ එපිස්කෝපල් සභාවෙහි දිනදසුන් විසින් ජෝන් ක්රිසොස්ටොම්තුමා සමරන්නේ සැප්තැම්බර් 13 දිනදීය.[11][12] කොප්ටික සභාව විසින්ද එතුමා සාන්තුවරයෙක් ලෙසින් පිළිගනියි (මංගල්‍යය දිනය 16 චෝත් සහ 17 හතෝ).[13]
ජෝන් තුමා 347 වසරෙහි උපන්නේ ඇන්ටියෝක් හිදීය.[14] [15] විවිධ ප්‍රාඥයෝ එතුමාගේ මව ඇන්තූසා මිථ්‍යා දෘෂ්ටිකයෙක් ලෙසින් හෝ ක්රිස්තියානිකරුවෙකු ලෙසින් හෝ හඳුන්වති. [16] එතුමාගේ පියා උසස් නිලයක් දැරූ හමුදා නිලධාරියෙකි. ඔහුගේ උපතෙන් සුළු කාලයකට පසුව ජෝන් තුමාගේ පියා මිය ගිය අතර ඔහු ඇතිදැඩි කෙරුණේ ඔහුගේ මව විසිනි. එතුමා ප්‍රසාද ස්නාපනය කෙරුණේ 368 වසරෙහි හෝ 373 වසරෙහි වන අතර හිස් මුදුන මුඩු කොට පාඨකයෙක් (සභාවෙහි සුලුතර තේවා ධුර අතරින් එකකි) ලෙසින් පත් කෙරිණි. සමහරවිට පැවසෙන්නේ ඔහු වයස අවුරුදු දහයක් වූ විට නයෙකු විසින් දෂ්ඨ කිරීමට ලක්වූ හෙයින් එයින් ඇතිවූ ආසාදනයකට ලක්වූ බවයි.[lower-alpha 2]
නගරය තුල ඔහුගේ මවගේ ආභාෂමය බලපෑම් නිසා, ජෝන් තුමා ඔහුගේ අධ්‍යාපනය ඇරඹුවේ මිථ්‍යාදෘෂ්ඨික ගුරුවරයෙකු වූ ලීබනියුස් යටතේය. . [17] වාගලංකාරය පිළිබඳ අභිවෘත්තියක් සඳහා අවශ්‍ය කුසලතා ලීබනියුස් වෙතින් අත්කර ගත් ජෝන් තුමා , ග්‍රීක භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ මනාපයක්ද ඇති කර ගති. [18] අත්‍යන්තයෙහිදී එතුමා නිතීඥයෙකු විය.
1908 වසරෙහිදී දසවන පයස් පාප්වහන්සේ විසින් එතුමා ධර්ම දේශකයන්ගේ රැකවල් සාන්තුවරයා ලෙසින් නම් කරන ලදි.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.