ජාතික හෙළ උරුමය
From Wikipedia, the free encyclopedia
ජාතික හෙළ උරුමය භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලාංකීය දේශපාලන පක්ෂයකි. 1990 දශකයේ ආරම්භවූ ජනතා මිතුරෝ ව්‍යාපාරය සහ ඉන් අනතුරුව ආරම්භවූ සිංහල වීර විදහන, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, ජාතික සංඝ සම්මේලනය යන සංවිධාන වල ක්‍රියාකාරීව සිටි ගරුතර මහා සංඝරත්න සහ ගිහි ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ජාතික හෙළ උරුමයේ පිහිටවූයේ 2004 දී ගිහියන් මුල් කර ගත් සිංහල ජාතිකවාදී පක්ෂයක් වූ සිහළ උරුමය පක්ෂය සඟසතු කොට පූජා කිරීමෙනි.එසේ ස්ථාපිත හෙළ උරුමය පක්ෂයේ ආරම්භක සාමාජිකයන් අතර එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි කොටපොල අමරකිත්ති හිමි,කොලොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි,තිලක් කරුණාරත්න සහ පාඨලී චම්පික රණවක යන අය වූහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් භික්ෂූන් දේශපාලනයට පැමිණීමට විරුද්ධ වූහ. එහෙත් උගත් මධ්‍යම පාන්තිකයන් සහ තරුණයන්ගෙන් පක්ෂයට සහය ලැබිණි. ධර්ම රාජ්‍යක් උදෙසා පාරමිතා පෙරහැර යන තේමාව මුල් කරගනිමින් 2004 වර්ෂයේ අප්‍රේල් මාසයේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් කල ජාතික හෙළ උරුමයට මන්ත්‍රී ආසන 9 දිනාගත හැකිවිය.
ජාතික හෙළ උරුමය | |
---|---|
සභාපති | පූජ්‍යපාද හැඩිගල්ලේ විමලසාර හිමිපාණන් වහන්සේ |
ආරම්භය | 2004 පෙබරවාරි |
පූර්වප්රාප්තිය | සිහල උරුමය |
මූලස්ථානය | 43/7, 07 වන පටුමග, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල . |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 3 / 225 |
මැතිවරණ ලාංඡනය | |
හක් ගෙඩිය | |
ශ්‍රී ලංකාවේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |