From Wikipedia, the free encyclopedia
ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස් (1646 ජුලි 1(පැරණි ක්‍රමයට ජුනි 21) -1716 නොවැම්බර් 14) යනු ලතින් හා ප්‍රංශ භාෂාවලින් ලිවීම සිදු කළ ජර්මානු ජාතික බහු ශාස්ත්රඥයකු වේ. ඔහු දර්ශනවාද ඉතිහාසය හා ගණිතයේ ඉතිහාසය යන දෙකෙහිම එක හා සමාන විශිෂ්ට ස්ථාන හිමි කර ගනී. ඔහු නිව්ටන්ගෙන් ස්වාධීනව කලනය සොයාගත් අතර එදා සිටම පොදු භාවිතයේ පවතින්නේ ඔහුගේ අංකනයයි. සියලු නවීන පරිගණක නිර්මිතවල පදනම වන ද්වීමය පද්ධති ද ඔහුගේ සොයාගැනීමකි. දර්ශනවාදයේ දී ශ්රේයොවාදය සඳහා ඔහු වඩාත් මතකයේ රැඳේ. ඔහුගේ නිගමනය වනුයේ අපගේ විශ්වය කෙටියෙන් දෙවියන්ට නිර්මාණය කල ඇති හොඳම දෙය බවයි. ඔහු 17 වන ශත වර්ෂයේ විශිෂ්ට හේතු වාදීන් තිදෙනාගෙන් කෙනෙකු වන බාරුච් ස්පිනෝසා හා රෙනේ ඩෙස්කා(ර්)ටස් සමඟ සිටි නමුත් ඔහුගේ දර්ශනවාදය ශාස්ත්‍රීය සම්ප්‍රදායට එබී බලන අතර නවීන තර්ක හා විශ්ලේෂණ අපේක්ෂාවෙන් ක්‍රියා කරයි. එලෙසම ලෙයිබ්නිස් භෞතික විද්‍යාව හා තාක්ෂණයට විශාල දායකත්වයක් ලබා දුන් අතර ජීව විද්‍යාව , වෛද්‍ය විද්‍යාව, භූ විද්‍යාව, සම්භාවිතා සිද්ධාන්ත , මනෝ විද්‍යාව භාෂාමය හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල පසුව මතුව මත කලින් ඉදිරිපත් කරන ලදී. එලෙසම දේශපාලනය,නීතිය, ඉතිහාසය , දේව ධර්මය, මානව විද්‍යාව හා මනෝ විද්‍යාව ගැන මෙන්ම ඉඳහිට කවි ද ලිවීය.මෙම විශාල විෂය පරාසයකට වූ ඔහුගේ දායකත්වය සඟරා දස දහස් ගණන් ලිපි හා ප්‍රසිද්ධ නොවූ අත්පිටපත්වල සඳහන් වේ. අදටත් ලෙයිබ්න්ස් ලියූ දේවල් හි සම්පූර්ණ සංස්කරණයක් නොමැත.
ගොට්ෆ්‍රයිඩ් විල්හෙල්ම් ලෙයිබ්නිස් | |
---|---|
උපත | ජූලි 1 (ජුනි 21 පැරණි ක්‍රමය) 1646 ලිප්සිග්, සැක්සනි කොට්ඨාසය |
මියගිය දිනය | 14 නොවැම්බර 1716 (වයස 70) හැනොවර්, හැනොවර් කොට්ඨාසය |
යුගය | 17වන-සියවසේ දර්ශන විද්‍යාව |
ප්‍රදේශය | බටහිර දර්ශන විද්‍යාව |
Doctoral advisor | අර්හාර්ඩ් වෙයිගල් |
Doctoral students | ජේකබ් බර්නෝලි ක්‍රිස්ටියන් වොන් වොල්ෆ් |
ප්‍රධාන ලැදිකම් | පාරභෞතිකවාදය, ගණිතය, දේවයුක්තිවාදය |
සංගණ්‍ය අදහස් | අත්‍යණුක කලනය, කලනය, චිදේකකවේදය, දේවයුක්තිවාදය, සාර්වශුභවාදය |
Influences | |
Influenced
| |
අත්සන | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.