ඒකාබද්ධ ගයනා ජනරජය යන නිල නාමයෙන් හඳුන්වන ගයනාව, පෙර කල ව්‍යවහාර කරනු ලැබුවේ 'බ්‍රිතාන්‍ය ගයනා' යන නමින් ය. මෙය පිහිටා ඇත්තේ ඉංග්‍රීසි භාෂා භාවිතයෙන් යුත් කැරිබියන් හි සංස්කෘතිකමය කොටස්කරුවකු වන දකුණු ඇමෙරිකා‍වේ උතුරු වෙරළ තීරයේ ය.

Thumb
ජාතික කොඩිය
ආදර්ශ පාඨය "One people, one nation, one destiny"
ජාතික ගීය "Dear Land of Guyana, of Rivers and Plains"
             සිතියම
ගොනුව:250px-Guyana (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ජෝර්ජ්ටවුන් (Georgetown)
උතුරු අක්ෂාංශ 6°46′ බටහිර දේෂාංශ 58°10′
රාජ්‍ය භාෂාව ගයානීස් ක්‍රෙඔලේ (Guyanese Creole)
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති භාරත් ජග්දියො (Bharrat Jagdeo)
අගමැති සෑම් හිංඩ්ස් (Sam Hinds)
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව          වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 214,970
වර්ග සැතපුම් 83,000
            ජනගහනය
2010 තක්සේරුව 752,940
2002 ජන සංගණනය 751,223
ඝනත්වය වර්ග කිලෝමීටර 3.502
වර්ග සැතපුම් 9.071
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 4.877
සාමාන්‍ය ඩොලර් 6,477
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 2.024
සාමාන්‍ය ඩොලර් 2,688
මානව සංවර්ධන දර්ශකය (HDI) (2010) 0.611 (ඉහළ)
මුදල් ගයානීස් ඩොලර් (GYD)
මං තීරුව වම
අන්තර්ජාල TLD .gy
දුරකථන සංකේත 592


1948 දී යුරෝපීයන් විසින් ගවේෂණය කර සොයා ගනු ලැබූ ගයනාව සමඟ වසර 500 කටත් වැඩි කාලයක සිට ස්පාඤ්ඤ, ලන්දේසි සහ බ්‍රිතාන්‍යයින් අරගලයෙහි යෙදුනහ. දකුණු ඇමෙරිකාවේ ප්‍රධාන භූමියෙහි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් එකම රාජ්‍යය වන්නේ ගයනාවයි. ගයනාවේ අගනුවර වන ජොර්ජ්ටවුන් හි ස්වකීය මහලේකම් මුලස්ථානය පිහිටුවා ගෙන ඇති 'කැරිබියන් ප්‍රජාව' නම් (Caricom) සංවිධානයේ ගයනා රාජ්‍යය සාමාජිකයෙක් වෙයි. එක්සත් රාජධානිය වෙතින් මෙරට නිදහස ලැබුවේ 1966 වර්ෂයේ දීය.


ඵෙතිහාසිකව සලකා බැලූ කළ ගයනා නමින් දන්නා ප්‍රදේශය (ජලය බහුල පෙදෙස) (Land of many waters), ඇමසොන් ගංගාවේ උතුරින් හා ඔරිනොකෝ ගංගාවෙන් නැගෙනහිරින් පිහිටි විශාල ගොඩබිම් ප්‍රමාණයකින් සමන්විතව යෝධ පළිහක් සේ තිබිණි. 17 වන සියවසේ පසුභාගයේ දී සහ 18 වන සියවසේ මුල් කාලයේ දී අධිරාජ්‍යවාදීන් විසින් මතු කී විශාල බිම් පෙදෙසින් උප පාලන ප්‍රදේශ පහක් කැබලි කර වෙන් කරවන ලදි. මෙම උප පාලන ප්‍රදේශ පහ නම් වශයෙන් දක්වතොත් මෙසේ වෙයි.


ස්පාඤ්ඤ ගයනාව (දැන් වෙනිසියුලාව), පෘතුගීසි ගයනා (දැන් උතුරු බ්‍රසීලය), බ්‍රිතාන්‍ය ගයනාව (දැන් ගයනාව), ඕලන්ද ගයනාව (දැන් සුරිනාමය) ප්‍රංශ ගයනාවේ පිහිටි ප්‍රංශයට අයත් නූතන පාලන ප්‍රදේශ වශයෙනි. නූතන ගයනාවේ දේශ සීමාවන් වන්නේ, නැගෙනහිරින් සූරිනාමය, දකුණින් සහ නිරිත දිගට බ්‍රසීලය, බටහිරින් වෙනිසියුලාව සහ උතුරින් අත්ලාන්තික් සාගරය යනාදියයි.


වර්‍ග කි.මී. 215,000 ක භූමි ප්‍රමාණයකින් යුත් ගයනාව, (උරුගුවේ සහ සුරියනාමයට පසුව ) දකුණු ඇමෙරිකා ප්‍රධාන භුමියෙහි පිහිටි තෙවන කුඩාම රට වේ. මෙහි ජනගහනය දළ වශයෙන් 770,000 ක් වේ. (පෘතුගීසි) බ්‍රසීලය, (ඕලන්ද) සූරියනාමය, (ප්‍රංශ) ප්‍රංශ ගයනාව රටවලට අතිරේකව, ස්පාඤ්ඤ බස භාවිතා නොකරන රටවල් හතරෙන් එකක් ගයනා රාජ්‍යය හදුනාගෙන තිබේ.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.