![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c4/Pristella_maxillaris.jpg/640px-Pristella_maxillaris.jpg&w=640&q=50)
පෘෂ්ඨවංශීන්
From Wikipedia, the free encyclopedia
පෘෂ්ටවංශීන් යනු අස්ථි සැකිල්ලක් සහිත සත්ව විශේෂයන්ය.ගෙලේ සිට වලිගය දක්වා දික්වූ කොදුඇට පෙළක් මොවුන්ට පිහිටයි.පෘෂ්ඪවංශීන්ගේ මොළය ඝන හිස්කබලකින් ආවරණයවී ඇත.මොවුන්ගේ අස්ථි සැකිල්ළ කාටිරේජයන්ගෙන් නිර්මානයවන අතර පසුව කැල්සියම් එක්වී ශක්තිමත්වේ.මෙම අස්ථි තුල රුධිරය නිපදවන ඇට මිදුළු පිහිටා ඇත.මොවුන්ගේ මධ්‍යම ස්නාු පද්ධතිය කොඳුඇට පෙළ තුල පිහිටා ඇත.මෙම වංශයට අයත් සතුන් ලෙස මාළුවන් උභයජීවීන් සර්පයින් කුරුල්ලන් හා ක්ෂීරපායින් දැක්විය හැක.ලොව පුරා පෘෂ්ඨවංශීන් විශේෂ 65,000 පමණ වාසය කරති.මෙම වංශයට අයත් විශාලම සත්වයා නිල් තල්මසාය.මිනිසා අයත් වන්නේද මෙම සත්ව කාණ්ඩයටයි.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c4/Pristella_maxillaris.jpg/640px-Pristella_maxillaris.jpg)
මොවුන්ගේ පරිණාමය පිළිබද විමසා බැලීමේදී පෘෂ්ඪවංශීන් එක් පොදු පූර්වජයකුගෙන් පරිණාමයවී ඇතිබව සත්ව විද්‍යාඥයන් මත පලකරයි.පෘෂ්ඨවංශිකයෙකුට අයත් පූර්වජයකුගේ ෆොසිලයක් කැරීබියන් දූපත් ආශ්‍රිතව සොයාගැනීමට විද්‍යාඥයන්ට හැකිවී ඇත.මෙම ෆොසිලය මාළුවකුට අයත් ෆොසිලයක් යැයි අනුමාන කෙරේ.පෘෂ්ඨවංශීන් අතරින් මුලින්ම ලොව පහලවූයේ මතස්‍යයන් බව සත්ව විද්‍යාඥයන් පෙන්වාදෙයි.මත්ස්‍යයන් ගෙන් උභයජීවීන්ද උභයජීවීන්ගෙන් පක්ෂීන් හා ක්ෂීරපායීන් පරිණාමය වන්නට ඇතැයි පැවසේ.