කොස්
From Wikipedia, the free encyclopedia
කොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.මෙම ශාකයෙන් දැව ලබා ගැනීම ප්‍රධාන ප්‍රයෝජනයක් ලෙස සැලකෙන අතර මෙම දැව යොදා ගෙන ගෘහ නිර්මාණ කරනු ලබයි .මෙම දැව ඉතා ශක්තිමත් වේ.
Quick Facts කොස් ගස, විද්‍යාත්මක වර්ගීකරණය ...
කොස් ගස | |
---|---|
ගෙඩි සහිත කොස් ගස | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
Division: | Magnoliophyta |
වර්ගය: | Magnoliopsida |
ගෝත්‍රය: | Rosales |
කුලය: | Moraceae |
Tribe: | Artocarpeae |
ගණය: | 'Artocarpus' |
විශේෂය: | A. heterophyllus |
ද්වීපද නාමය | |
අර්ටෝචාර්පුස් හෙටෙරෝෆ්ය්ල්ලුස් (Artocarpus heterophyllus) Lam. | |
පර්යාය නාම(ය) | |
|
Close
කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්‍රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.
ඉදුණු ඵලයේ ස්වභාවය අනුව වරකා සහ වැල ලෙස ප්‍රධාන වර්ග දෙකකි.