කාබෝහයිඩ්රේට
From Wikipedia, the free encyclopedia
කාබෝහයිඩ්රේට (සජලනය වු කාබන්) හෝ සැකරයිඩ (ග්රීකභාෂාවෙන් සීනි යන අරුත් ඇති ) ප්‍රෝටීන , ලිපිඩ න්‍යෂ්ටික අම්ල යන ප්‍රධාන ජීව විද්‍යාත්මක අණු අතරින් බහුලවම ඇති අණු වර්ගයයි. එය ජීවීන් තුළ ශක්තිය ගබඩා කිරීම හා ප්‍රවාහනය (පිෂ්ඨය හා ග්ලයිකොජන් මගින්) සහ ශාකවල සෙලියුලෝස්, සතුන්ගේ කයිටීන් මගින් සන්ධාරක සැකිලි සෑදීම සිදුකරයි. මීට අමතරව කාබෝහයිඩ්රේට් හා එහි ව්‍යුත්පන්නයන් ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට , ප්‍රජනනය සදහා , රුධිර කැටි ගැසීම සදහා සහ වර්ධනයට උපකාරීවේ.