වර්ෂ 1818 නිදහස් සටනට බලපෑ පසුබිම
ක්‍රි.ව. 1818 නිදහස් සටනට තුඩුදුන් ආසන්නතම හේතු
- උසස් නිලතල සිංහල පවුල් වලට ලබාදීමේ සම්ප්‍රදායට පටහැනිව බහුතර සිංහල ජනයා වාසය කළ වෙල්ලස්සට "හර්ජි මරික්කාර්" නැමැති මුස්ලිම් ජාතිකයෙකු මුහන්දිරම් තනතුරට පත් කිරීම.
- රජ පෙළපතට සම්බන්ධකම් කී තමාට රජ වීමට උරුමය ඇතැයි (විල්බාව ප්‍රදේශයේ) "දොරේසාමි" නම් තැනැත්තෙකු පෙනී සිටින ලදී.
- ක්‍රී.ව. 1817 වසරේ මැද භාගයේදී දොරේසාමී අල්ලා ගැනීම සදහා 'හජ්ජි මරික්කාර්' කැටුව බදුල්ලේ උප ඒජන්ත වූ 'සිල්වෙස්ටර් විල්සන්' යවන ලදී.කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලදී.වෙල්ලස්සෙන් ඇරැඹි කැරැල්ල වැඩිකල් යාමට පෙර උඩරට ප්‍රදේශය පුරා පැතිරිණි.
- සටන මැඩලීමට පැමිණි කැ ප්පැටිපොළ දිසාවේද, කැරලිකරුවන්ට එක්වීම නිසා ඉංග්‍රීසින්ට විශාල පාඩුවක් සිදුවිය. දන්ත ධාතූන් වහන්සේ සිංහලයන් සතුවීමත් සමග ක්‍රි.ව. 1818 ජනවාරි මස වන විට දුම්බර, හේවාවැට , සත්කෝරලය, මාතලේ, හාරිස්පතුතව, සබරගමුව හා නුවර කාලාවිය යන ප්‍රදේශ පුරා පැතිරී යන ලදී.මෙම ප්‍රදේශවල මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සටන අසාර්ථක විය.
ක්‍රි.ව. 1818 නිදහස් සටනේ ප්‍රතිඵල
- සිංහල රදල නායකයින්ගේ ජීවිත රැසක් අහිමිවීම.(කැරලි නායකයන් වූ වීර කැප්පැටිපොළ දිසාවේ හා මඩුුගල්ලේ රාජද්‍රෝහීන් ලෙස මහනුවර බෝගම්බරදී හිසගසා මරණයට පත්කිරීම.)
- ඇහැළේපොළ ඇතුළු පිරිස මුරුසි දිවයිනට පිටත් කර යැවීම.
- උඩරට දේශීය නිළධාරීන් වැටුප් ලබන සේවකයන් ලෙස පත්කිරීම.
- රදල බලය තවදුරටත් අඩු කිරීම. (අධිකරණ බලය ඉංග්‍රීසි ඒජන්තවරුන්ට පැවරීම.)
- උඩරට අන්‍ය ආගම් පැතිරීමට ඉඩ ලබා දීම.
- උඩරට ප්‍රදේශවල මහා මාර්ග තනවා ලංකාවේ පහතරට ප්‍රදේශ සමග සම්බන්ධ කර එම ප්‍රදේශ හුදකලා තත්වයෙන් මිදීමට කටයුතු කිරීම.
- ගම්බිම් රාශියක් ගිනිතබා විනාශ කිරීම නිසා රට වැසියෝ බොහෝ දෙනෙක් ආහාර හිගයට හා ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මරණයට පත් වීම.
- දේශීය නිළධාරීන්ට පත්වීම් ලැබුණේ බ්‍රිතාන්‍යය ආණ්ඩුව විසින් නිකුත්කරන ලද පත්වීම් ලිපිවලට පමණක් වීම.
- උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය අනුව බුද්ධාගමට ලැබුණු විශේෂත්වය වෙනස් කිරීමට සටන අවස්ථාවක් කරගැනීම.
- ක්‍රි.ව. 1815 උඩරට ගිවිසුමේ ඒකපාර්ෂිකව අහෝසි කර 1818 නොවැම්බර් මස 21 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් උඩරට යුද්ධයෙන් ජයගත් ප්‍රදේශයක් බවට තහවුරු කිරීම.