ඊජිප්තුවේ කයිරෝහි ඊජිප්තු පුරාවස්තු කෞතුකාගාරය, පොදුවේ ඊජිප්තු කෞතුකාගාරය හෙවත් කයිරෝ කෞතුකාගාරය පුරාතන ඊජිප්තු පුරාවස්තූන් රැසකින් සමන්විත ස්ථානයකි. මෙහි පුරාවස්තූන් 120,000 පමණ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඉතිරිය ගබඩාවන්හි තැන්පත් කොට ඇත. මෙය මෙම ප්‍රදේශයේ පිහිටි විශාලතම කෞතුකාගාර අතරින් එකකි. 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙය මහජනතාවට විවෘත විය.

Quick Facts පිහිටුවීම, පිහිටීම ...
ඊජිප්තු කෞතුකාගාරය
المتحف المصري
Thumb
Thumb
පිහිටුවීම1902
පිහිටීමකයිරෝ, ඊජිප්තුව
වර්ගයඉතිහාස කෞතුකාගාරය
එකතුවේ ප්‍රමාණයඅංග 120,000
අධ්‍යක්ෂකඛාලෙඩ් එල්-අනානි
වෙබ් අඩවියegyptianmuseum.gov.eg/
Close

ඉතිහාසය

Thumb
1904 දී බැලූනයකින් ගොස් ලබාගත් ඡායාරූපයක්, මෙහි දකුණු පසින් ඊජිප්තු කෞතුකාගාරය දැක් වේ.

ඊජිප්තු පුරාවස්තු කෞතුකාගාරය පැරණි ඊජිප්තුවේ ඉතිහාසය පිළිබඳ බොහොමයක් වැදගත් පුරාවස්තු රැසක් සහිත ස්ථානයකි. මෙය‍ පාරාවෝවරුන් සම්බන්ධ පුරාවස්තු විශාල ප්‍රමාණයක් සහිත ලොව ඇති විශාලතම කෞතුකාගාරයයි. මෙය ඊජිප්තු රජය විසින් 1835 දී එස්බෙකෙයාහ් උද්‍යානයේ ඉදි කළ නමුත්, පසුව මෙය කයිරෝ බලකොටුව වෙත ගෙනයන ලදි. 1855දී, ඔස්ට්‍රියාවේ මැක්සිමිලියන් ආදිපාදවරයාට ඊජිප්තු රජය විසින් සියලු පුරාවස්තූන් පිරිනමන ලදි. මේවා දැන් වියානාවේ කුන්ස්ට්හිස්ටොරිචස් කෞතුකාගාරයේ පවතී.

1858දී, නව කෞතුකාගාරයක් බෝලැක්හි පැරණි ගබඩාවක පිහිටුවන ලදි. මෙය ඔගස්ටේ මැරියටගේ මෙහෙයවීම යටතේ නව පුරාවස්තු දෙපාර්තමේන්තුවට පදනම දැමීමෙන් පසු සිදු විය. මෙම ගොඩනැගිල්ල නයිල් ගංගා ඉවුරේ ඉදි වූ නමුත්, 1878දී නයිල් ගඟ පිටාර ගැළීමත් සමග මෙම ගොඩනැගිල්ලට බොහෝ හානි සිදු විය. 1891 දී මෙහි තිබූ කෞතුක එකතුව කයිරෝ දිස්ත්‍රික්කයේ ගීසා නගරයේ පැරණි රාජ මාළිගය වෙත රැගෙන යන ලදි.[1] එය 1902 වන තෙක් පැවති අතර, අවසානයේ එය අද පවත්නා ටහ්රිර් චතුරස්‍රයේ කෞතුකාගාරය වෙත ගෙනගොස් ඇත.[2]

2011 ඊජිප්තු විප්ලවයේ දී මෙම කෞතුකාගාරයට හානි සිදු වූ අතර ,මෙහි තිබූ මමී දෙකක් විනාශ කෙරුණු බව වාර්තා වේ.[3][4] එසේම පුරාවස්තු කිහිපයකටම හානි ද සිදු විය.[5] අංග 50ක් පමණ අතුරුදන් ය.[6] ඒ අතරින් වස්තූන් 25ක් නැවත හමු විය. ඒවා නැවත ප්‍රතිසංස්කරණය කොට 2013 සැප්තැම්බර් මස හානි වූ සහ ප්‍රතිසංස්කරණය කළ යන තේමාවෙන් යුතුව ප්‍රදර්ශනයට තබන ලදී. ඒ අතර දේවදාර දැවයෙන් නිමවා රනින් ආවරණය කළ තුතන්ඛාමුන්ගේ ප්‍රතිමා දෙකක්, අක්නාටෙන් රජුගේ ප්‍රතිමාවක්, නූබියානු රජවරුනට අයත් උෂාබ්ටි ප්‍රතිමා, ළමා මමියක් සහ කුඩා බහු වර්ණ වීදුරු බඳුනක් ද වේ.[7]

අභ්‍යන්තර නිර්මාණය

මෙම කෞතුකාගාරය ප්‍රධාන මහල් දෙකකින් යුක්ත වේ. එය බිම්මහළ සහ පළමු මහළ ලෙස වේ. මෙහි බිම් මහළේ පැරණි ලෝකයේ භාවිතා වූ කාසි සහ පැපිරස් ලිපි විශාල එකතුවකින් සමන්විත වේ. පසුගිය සහස්‍ර ද්විත්වය තුළ වියෝජනය හේතුවෙන් මෙහි පැපිරස් පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා කැබලි වශයෙන් පවතී. මෙම පැපිරස් පත්‍රවල විවිධ භාෂා සඳහන් වේ. ඒ අතර ග්‍රීක, ලතින් , අරාබි සහ පුරාතන ඊජිප්තු භාෂාවන් වේ. මෙම මහළේ තැන්පත් කර ඇති කාසි විවිධ වර්ගවල ලෝහවලින් තනා ඇත. ඒවා රත්රන්, රිදී හා ලෝකඩ මගින් නිමවා ඇත. නමුත් මෙම කාසි ඊජිප්තු කාසි පමණක්ම නොවේ. මේ අතර ග්‍රීක ,රෝම, සහ ඉස්ලාමීය කාසි ද වේ. මේවා පැරණි ඊජිප්තුවේ වෙළඳාමේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට ඉතිහාසඥයනට බෙහෙවින් උපකාරී වේ.

තවද බිම් මහ‍ළ ඊජිප්තුවේ ක්‍රි.පූ 1550 සහ 1069 අතර කාලයේ නව රාජධානි සමයේ පුරාවස්තු සඳහා වෙන්කර ඇත. මෙම පුරාවස්තූන් ඊට පෙර සියවස්වල නිර්මාණවලට වඩා විශාල ය. මෙම පුරාවස්තූන් අතර ප්‍රතිමා, මේස සහ මිනී පෙට්ටි (ගල් මිනීපෙට්ටි) ඇතුළත් වේ.

කෞතුකාගාරයේ පළමු මහලේ ඊජිප්තුවේ අවසාන රාජවංශ ද්විත්වයට අයත් පුරාවස්තූන් තැන්පත් කර ඇත. මේ අතරට IIIවන තුත්මොසිස්, IVවන තුත්මොසිස්, IIවන අමෙනෝෆිස්, හට්ෂෙප්සුට් යන පාරාවෝවරුන්ගේ, සහ අමාත්‍ය මේහෙර්ප්‍රි යන පුද්ගලයන්ගේ සොහොන්ගැබ් ඇතුළු රජුන්ගේ නිම්නයේ සොහොන්ගැබ්ලින් හමු වූ පුරාවස්තු ඇතුළත් වේ. එසේම තුතන්ඛාමුන් සහ Iවන ප්සුසෙන්නස් වැන්නන්ගේ නොඉඳුල් සොහොන්ගැබ්වල නිර්මාණ ද වේ. තවද මෙහි සුවිශේෂී වූ කාමර දෙකක නව රාජධානියේ රජවරුන්ගේ සහ රාජකීය පවුලේ සාමාජිකයන්ගේ හමුවූ මමී විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට තබා ඇත.

ගැලරිය

මේවාත් බලන්න

මූලාශ්‍ර

වැඩියුර කියවීමට

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.