![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/Arctic_Ocean.png/640px-Arctic_Ocean.png&w=640&q=50)
උත්තර ධ්‍රැවය
From Wikipedia, the free encyclopedia
උත්තර ධ්‍රැවය යනු පෘථිවියේ උතුරින්ම පිහිටි ලක්ෂ්‍යයයි. දක්ෂිණ ධ්‍රැවයට අත්‍යන්තයෙන්ම විරුද්ධව මෙම ධ්‍රැවය පිහිටා ඇත. උතුරු අක්ෂාංශ 90 සැබෑ උතුරු දිශාව ලෙස අර්ථ දැක්වේ. උත්තර ධ්‍රැවයේදී සියලු දිශාවන් දකුණට යොමු වී ඇත.එය උතුරු චුම්භක ධ්‍රැවය සමග පටලවා ගත යුතු නොවේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/Arctic_Ocean.png/320px-Arctic_Ocean.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/14/Noaa3-2006-0602-1206.jpg/640px-Noaa3-2006-0602-1206.jpg)
දක්ෂිණ ධ්‍රැවය (දක්ෂිණ ධෘවය) මහාද්වීපික භූමි ස්කන්ධයක පිහිටන අතර උත්තර ධ්‍රැවය ආක්ටික් සමුද්‍රය මධ්‍යයේ පිහිටා ඇත. එය මුහුදු අයිස් තැටිවලින් ස්ථිරව වට වූ ජලතටාක මධ්‍යයේ පිහිටා ඇත. එබැවින් දක්ෂිණ ධ්‍රැවය මෙන් නොව උත්තර ධ්‍රැවය සඳහා ස්ථිර පිහිටීමක් ඇති කිරීම අසීරුය. කෙසේ නමුත් සෝවියට් සමුහාණ්ඩුව හා පසුව රුසියාව උත්තර ධ්‍රැවයට ඉතා ආසන්නයෙන් ඇදී ගිය පිරිස් බල ප්ලවිත නැවතුම් රාශියක් ඉදිකරන ලදී.
උත්තර ධ්‍රැවය අසල මුහුදේ ගැඹුර මීටර 4261 ක් (අඩි 13980) ලෙස ගණන් බලා ඇත. ආසන්නතම භූමිය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ Kaffekluben දුපත ලෙසයි. එය ග්‍රීන්ලන්ත උතුරු මුහුදෙන් සැතපුම් 440 ක් (700 km) දුරින් පිහිටා ඇත. එසේ වුවද ඇතැම් අස්ථිර බොරලු ඉවුරුවලින් මදක් උතුරට වන්නට ඇත.