From Wikipedia, the free encyclopedia
ඊවා ඇනා පෝලා බ්රෝන් (Eva Anna Paula Braun) (1912 පෙබරවාරි 06 - 1946 අප්‍රේල් 30) ජර්මනියේ මියුනිච් හිදී උපත ලැබීය. ඇයගේ මව තව ද දියණියන් දෙදෙනකුගේ මව වන අතර පාසල් ගුරුවරියක වූවා ය. ඊවාගේ දෙමාපියන් 1912 අප්‍රේල් මාසයේදී දික්කසාද වී යළිත් 1922 දී ඔවුන් නැවත විවාහ වූයේ ය. ඊවා කතෝලික පාසලකින් මූලික අධ්‍යාපනය ලබා ඉන් පසුව වසර 4ක් කන්‍යාරාමයක වැඩිදුර අධ්‍යාපනය හැදෑරී ය. ඇයට වයස අවුරුදු 17 දී හිට්ලර් ගේ නාසි පක්ෂයේ නිල ඡායාරූප ශිල්පියා වන "හයින්රිච් හොෆ්මන්" (Heinrich Hoffman) යටතේ ඇය රැකියාවක් ලබා ගැනී ය. මුල් කාලයේ වෙළෙඳ සහායිකාවක්, වෙළෙඳ ලිපිකාරිණියක් ලෙස සේවය කළ 'ඊවා' ඉන් පසුව කැමරාව හැසිරවීම හා ඡායාරූප ශිල්පය ගැන පුහුණු වූයේ ය. ඇයට හිට්ලර් හමුවනූයේ 'හොෆ්මන්'ගේ චිත්‍රාගාරයේ දී යි.
ඊවා බ්රෝන් | |
---|---|
උපත | පෙබරවාරි 6, 1912 |
මියගිය දිනය | April 30, 1945 33) | (වයස
සහකරුවා(වන්) | ඇඩොල්ෆ් හිට්ලර් (වි. 1945–45) |
එකල් හි හිට්ලර් ජීවත් වූයේ තම ඥති සොහොයුරියකගේ දියණියක් වූ වයස අවුරුදු 17ක තරුණියක වන "ඇන්ජෙලා රවුබාල්" සමග ය. ඔවුන් දෙදෙන අතර පසුකාලීනව විවිධ ආරවුල් ඇති වූව ද ගෙලී එකට සිටියේ නෑදැකමින් තම මාමා වන හිට්ලර් සමඟ ය. 1931 සැප්තැම්බර් 18 වැනි දින වෙඩි තබා මරා තිබුණු ගෙලීගේ දේහය ඇයගේ නිවස තුළදී සොයා ගැනී ය. එය සිය දිවි නසා ගැනීමක් ලෙස මෙන්ම හිට්ලර් ඇය ඝාතනය කළ බව විවිධ මතයන් පැතිරී ය. ඇයගේ මරණයත් සමඟම හිට්ලර් ඉතාම කනගාටුවට පත්වූ බවත් හඬාවැටුණු බවත් පැවසෙයි.
1945 අප්‍රේල් මස ඊවා පෙම්වතා සමඟ සිටීමට මියුනිච් සිට බර්ලිනයේ පොළොව යට සැකසූ විශේෂ බංකරයට පැමිණියා ය. ඇයව නැවත හරවා යෑවීමට හිට්ලර් උත්සාහ කළද ඈ එය ප්‍රතික්ෂේප කළා ය. මේ වන විට රුසියානු රතු හමුදාවන් බංකරය වටලා සිටියේ ය. 1945 අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රියේ අප්‍රේල් 29 වැනිදා වන කල් හි ඔවුන් විවාහ විය. එම විවාහ උත්සවයට ගොබෙල්ස්, මාර්ටින් බෝමන් වැනි හිට්ලර්ගේ මිතුරන් ද එක් ව සිට ඇත. විවාහයෙන් පසු ඇය ඊවා හිට්ලර් ලෙසට තම නාමය වෙනස් කර ගැණී ය. 1945 අප්‍රේල් මස 30 වැනි දින වන විට රතු හමුදා බර්ලිනය ආක්‍රමණය කොට අවසාන මොහොතටම එළඹීමත් සමඟ ඇය බංකරය තුළදී සයිනයිඩ් කා සියදිවි නසාගත්තා ය. ඉන් පසුව හිට්ලර්ගේ සමීපතමයන් ඔවුන්ගේ දේහයන් ගිනි තබන ලදි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.