ඉස්ලාම්
From Wikipedia, the free encyclopedia
ඉස්ලාම් (අරාබි: اَلْإِسْلَامُ) යනු ඒකදේවවාදී ඒබ්‍රහමීය ආගමකි. මුහම්මද් යනු දෙවියන්ගේ පණිවුඩකරු බව ඉස්ලාමයේ උගන්වයි. ලෝකයේ දෙවැනියට විශාලම ආගම වන මෙයට බිලියන 1.9 ක (ලෝක ජනගහණයෙන් 24.9% ක) අනුගාමිකයන් පිරිසක් ඇත. ඉස්ලාම් අනුගාමිකයන් මුස්ලිම්වරු ලෙස හැඳින්වෙයි. මුස්ලිම්වරු රටවල් 47 කම බහුතර ජන කොට්ඨාශය වෙයි. ඉස්ලාම් හි මූලික ඉගැන්වීම් වන්නේ දෙවියන් දයානුකම්පිත, සර්වබලධාරී සහ අද්විතීය බවත් සහ දෙවියන් පණිවුඩකරුවන් ඔස්සේ මනුෂ්‍යයින්ට මග පෙන්වා ඇති බවත් ය. ඉස්ලාම් හි ශුද්ධ වූ ග්‍රන්ථය වන්නේ කුරානය යි. කුරානය සහ මුහම්මද්ගේ ඉගැන්වීම් (සුන්නාහ් ලෙස හැඳින්වෙන) දෙවියන්ගේ වචනය යැයි විශ්වාස කරනු ලැබේ.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. |
අනෙකුත් ඒබ්‍රහමීය ආගම් මෙන් ඉස්ලාමයේත් අවසාන විනිශ්චයක් ගැන කියවේ. එනම් ධර්මිෂ්ඨ මිනිසුන් අවසානයේදී පාරාදීසයකට යැවෙන බවත් අධර්මිෂ්ඨ මිනිසුන් අපායකට යවා දඬුවම් කෙරෙනු ඇති බවත් ය. ඉස්ලාම් ආගමික සංකල්ප අතරින් ඉස්ලාම් හි පංචස්තම්භ සහ ඉස්ලාම් නීතිය (ශරියා) දැක්විය හැක.