ඉස්කුරුප්පුවක් හෝ ඉස්කුරුප්පු ඇණයක් හෝ යනු, පිටතපොටක් ලෙසින් හැඳින්වෙන හෙලික්සීය මුදුනක් සහිත වීමෙන් ලක්ෂණනය වන, යම් ආකාරයකට අනුව බෝල්ට් ඇණයක් වැනි වන (බදැණය සහ ඉස්කුරුප්පුව අතර වෙනස පහත බලන්න), සාමාන්‍යයෙන් ලෝහ භාවිතයෙන් තැනෙන, ඇමුණුම් වර්ගයකි. යම් ද්‍රව්‍යයක් තුලට සිදුරු විදීමෙන් පසුව ඉස්කුරුප්පුවක් කරකවමින් එය තුලට එබ්බවීමෙහිදී, ඇමුණුමට ලක් වන ද්‍රව්‍යයන් තුල කට්ට කැපෙන බැවින්, එම ද්‍රව්‍යයන් එකිනෙකින් වෙන් වීම වලක්වමින් අමුණා තැබීමට ඉස්කුරුප්පු භාවිතා වෙයි. විවිධ ද්‍රව්‍ය ඇමිණීම සඳහා බොහෝ ඉස්කුරුප්පු වර්ග තිබේ; ඉස්කුරුප්පු ඇසුරෙන් අමුණා තැබෙන දේ අතර ලී, ලෝහ තහඩු සහ ප්ලාස්ටික් වෙති.

Thumb
ඉස්කුරුප්පු සමූහයක්
Thumb
බදැණයක් හෙවත් බෝල්ට් ඇණයක් ( මුරිච්චියක් හා සමගින්) සහ ඉස්කුරුප්පුවක්


ඉස්කුරුප්පු ඇණ හා මුරිච්චි ඇණ

ඉස්කුරුප්පු ඇණ සිලිණ්ඩරාකාර මිටකින් යුක්තව පොට සහිත සම්බන්ධක ලෙස භාවිතා කරනු ලැබේ. බොහෝමයක් අවස්ථාවලදී එහි එක් කෙළවරක් ක්‍රමයෙන් සිහින් වන පරිදි ඇති අතර එය මත හෙලික්සීය කට්ටයක් හෝ හොටක් තනා ඇත. එහි අනෙක් කෙළවර වූ හිස කිසියම් හෝ ආකාරයකින් භ්‍රමණය කළ හැකිය. පොට වස්තුවෙහි අනුරූප හෙලික්සය සමඟ එකතු වේ. වස්තුව කරාමයක් ආධාරයෙන් ගැලපෙන හෙලික්සයකින් යුක්තව නිර්මාණය කර හෝ ඉස්කුරුප්පු ඇණය එයට ඇතුළු වන මුල් අවස්ථාවේ දී හෙලික්සය නිර්මාණය වන පරිදි හෝ තනා ඇත. හිස ඉස්කුරුප්පු නියනකට හෝ රෙන්ච් යතුරකට ඉස්කුරුප්පුව කරකැවිය හැකි සේ හැඩ ගස්වා ඇත. එමඟින් ඇණය තද කිරීම හෝ බුරුල් කිරීම කළ හැක. හිස ඉස්කුරුප්පු ඇණයේ කඳට වඩා වැඩි විෂ්කම්භයකින් යුක්ත වන අතර එහි පොටක් නොපවතී. එමනිසා ඉස්කුරුප්පු ඇණය කඳෙහි දිගට වඩා වැඩි දිගක් සහිත ද්‍රව්‍යයක් තුළට කිඳා බැස්විය නොහැක. තවද එමඟින් සම්පීඩනයක් ද සැපයිය හැක.

ඉස්කුරුප්පු ඇණ ඒවායේ කාර්යක්ෂමතාවය අඩු නොවන පරිදි ඉවත් කිරීම සහ නැවත ඇතුල් කිරීම සිදු කළ හැක. ඒවාට ඇණවලට වඩා වැඩි සම්බන්ධක බලයක් තිබෙන අතර නැවත භාවිතයට ඉඩ ප්‍රස්ථාව ඇත.

ඉස්කුරුප්පු ඇණ බොහොමයක් තද වීම සිදු වනුයේ ඔරලෝසු කටු කැරකෙන දිශාවට භ්‍රමණය කිරීමෙනි. ඒවා දකුණත් පොටවල් නම් වේ. වමත් පොටවල්වලින් යුත් ඉස්කුරුප්පු ඇණ විශේෂිත අවස්ථාවලදී යොදා ගනී.

ආශ්‍රිත ලිපි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.