ඇපලෝ 11
නිල් අාමිස්ටෝ්ග් / From Wikipedia, the free encyclopedia
ඇපලෝ 11 මෙහෙයුම සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය. 1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන්, අණ දෙන මොඩියුලයේ නියමු මයිකල් කොලින්ස් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු එඩ්වින් ඕල්ඩ්රින් ඇතුළත් විය. ජූලි 20 වනදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහලින් කක්ෂගත විය.
Quick Facts මෙහෙයුම් දත්ත, මෙහෙයුමේ නම ...
ඇපලෝ 11 | |||||
---|---|---|---|---|---|
මෙහෙයුම් සලකුන | |||||
මෙහෙයුම් දත්ත | |||||
මෙහෙයුමේ නම | ඇපලෝ 11 | ||||
අණදීමේ ඒකකය | කොලොම්බියා (CM-107) 5,560 kg (12,260 රාත්) | ||||
සේවා ඒකකය | SM-107 23,243 kg (51,242 රාත්) | ||||
චන්ද්‍ර යානය | ඊගල් (LM-5) 15,095 kg (33,279 රාත්) | ||||
ගගනගාමීන් ගණන | 3 | ||||
සංඥා නාමය | CSM: කොලොම්බියා LM: ඊගල් ; චන්ද්‍ර පෘෂ්ථය මතුපිට නිසල මුහුදේ මධ්‍යස්ථානය | ||||
විදිනය | සැටර්න් V (SA-506) | ||||
ගුවන්ගතකිරීමේ පීඨිකාව | LC39A,කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය, ෆ්ලොරීඩා ,,ඇමරිකා එක්සත් ජනපදය | ||||
ගුවන්ගතකල දිනය | ජූලි 16, 1969 (1969-07-16) 13:32:00 UTC | ||||
සඳෙහි ගොඩබැස්වීම | ජූලි 20, 1969 20:17:40 UTC නිසල මුහුද 0°40′26.69″N 23°28′22.69″E (IAU මධ්‍ය’ පෘථිවි ධ්රැව අක්ෂ ඛණ්ඩාංක පද්ධතිය මත පදනම්ව) | ||||
සඳෙහි යානාවෙන් බාහිර ක්‍රියාකාරකම් (EVA) කාලය. | පැය 2 මිනිත්තු 36 තප්පර 40 | ||||
සඳෙහි මතුපිට ගතකල කාලය. | පැය 21 මිනිත්තු 31 තප්පර 20 | ||||
චන්ද්‍ර පාෂාන වල බර | 21.55 kg (47.5 රාත්) | ||||
සඳ වටා කක්ෂීය චලිත ගනන | 30 | ||||
සම්පූර්ණ අණදීමේ/සේවා ඒකක සඳ වටා කක්ෂයෙහි ගතකල කාලය | පැය 59 මිනිත්තු 30 තප්පර 25.79 | ||||
ගොඩබැසීම | ජූලි 24, 1969 16:50:35 UTC උතුරු පැසිෆික් සාගරය 13°19′N 169°9′W | ||||
මෙහෙයුම් කාලය | දින 8 පැය 03 මිනිත්තු 18 තප්පර 35 | ||||
ගගනගාමීන්ගේ ඡායාරූපය | |||||
වමේ සිට දකුණට: නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස්, එඩ්වින් ඕල්ඩ්රින් | |||||
ආශ්රිත මෙහෙයුම් | |||||
|
Close
මෙම මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” (1961 කතාව).