From Wikipedia, the free encyclopedia
අමරපුර නිකාය යනු වර්ශ 1800 දී ආරම්භ කරන ලද ශ්‍රී ලාංකීය පැවිදි නිකායකි. එය එවකට බුරුමයේ කොන්බෝං රාජවංශයේ අගනුවර වූ අමරපුර නගරය මුල්කොට නම් කර ඇත. අමරපුර නිකායේ හිමිවරු ථෙරවාදී බෞද්ධයෝය. 2019 අගෝස්තු 16 වන දින අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ශ්‍රී ලංකාවේ විශාලතම බෞද්ධ නිකාය බවට පත් කරමින් අමරපුර - රාමඤ්ඤ නිකාය ලෙස ඒකාබද්ධ කරන ලදී. [1]
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
18වන සියවසේ මැද භාගය වන විට ලක්දිව උපසම්පදාව නැති වී ගොස් තිබුණි. ශ්‍රී ලංකාවේ බුදු සසුන තෙවරක්ම පිරිහුණු අතර එය නැවත ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. එමනිසා කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ (1747 - 1782) වැලිවිට සරණංකර මාහිමිපානන්ගේ ආරාධනාවෙන් උපාලි නම් තෙරණුවන් වහන්සේ නමක් 1753දී මහනුවරට වැඩම කර උපසම්පදාව නැවත පිහිට වු අතර, එය සියම් නිකාය නම්වේ. එයට හේතුව උපසම්පදාව රැගෙන ආවේ සියම් දේශයෙන් වීමයි.[2]
බුදු දහම නැවත ස්ථාපිත කර දශකයක් පමණ ගතවීමෙන් පසු 1764 දී එම නිකායට අයත් භික්ෂුන්වහන්සේලා කණ්ඩායමක් එක්ව එම නිකායේ උපසම්පදාව ලැබීමට ගොවිගම කුලයට අයත් විය යුතු බවට නීතියක් පැනවීය. මෙම සමයේදී බුදුරජාණන් වහන්සේ විනය නොසලකා හැර තිබුණු අතර, සමහර භික්ෂුන් වහන්සේලා වතුපිටි අයත් කරගෙන අඹුදරුවන් සමඟ පුද්ගලික නිවාස වල ජීවත් වුහ. ඔවුන් තන්නාසි නමින් හැඳින්වේ. මෙම සමයේදී ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශය ලන්දේසී ආක්‍රමණ වලට ලක්වෙමින් පැවතුණි.
සියම් නිකායේ මෙම ගොවිගම කුල භේදයට විරෝධය පල කෙරමින් වෙනත් කුල වලට අයත් භික්ෂුන් වහන්සේලා රජුගේ අනුග්‍රහය නොලබමින් උපසම්පදා උත්සව 2 ක් 1772 දී තොටගමුව විහාරයේදී ද, 1796 දී තංගල්ලේදී ද පැවැත්විය. නමුත් සියම් නිකාය මෙය විනය නීති කැඩීමක් බව පවසා ඒවාට අනුමැතිය ලබා නොදුන්හ.
ගොවිගම කුලවාදයත්, ක්‍රි .ව 1762 ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් පැනවූ කතිකාවතත් කරණකොටගෙන වෙරළබඩ පළාත් වල විසු භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භාවය ලබාගත නොහැකි විය. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිතූ 1779 දී අඹගහපිටියේ ඤාණවිමලතිස්ස නම් භික්ෂුන් වහන්සේ නමක් තවත් සාමණේර හිමිවරුන් කණ්ඩායමක් සමඟ පහතරට ධනවත් දානපතියෙකුගේ අනුග්‍රහය සහිතව උපසම්පදාව ලබා ගැනීම සඳහා බුරුමය වෙත පිටත්වුහ. 1800 දී බුරුමයේ සංඝරාජ මාහිමියන් අතින් ඔවුන් උපසම්පදාව ලැබීය. මෙම කණ්ඩායම 1803 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. එහිදී ඔවුන් සමඟ පැමිණි ජ්‍යෙෂ්ඨ මියන්මාර් භික්ෂුන් අතින් බලපිටිය මාදු ගඟේ තනවන ලද විශේෂ සීමා මාලකයක වෙසක් පුන් පොහොය දිනයේදී උපසම්පදා උළෙලක් පැවැත්විණි. ඒ සමගින්මෙ පරම පූජ්‍යතර මහා ධම්ම රාජාධි රාජගුරු ගණාචරිය ශ්‍රී විභූෂණ අඹගහපිටියේ ශ්‍රී ඤාණවිමලතිස්සාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් වැලිතර අඹගහපිටියේ ශ්‍රී අම්බරුක්ඛාරාම මූල මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් අමරපුර සමාගම නම් වූ නවනිකායක් ඇරඹි අතර ආරම්භයේ දීම පහතරටට පමණක් සීමා නොවී උඩරට ඇතුළු සමස්ත සිරිලක සිසාරා පූජ්‍යතර බෝගහපිටියේ ශ්‍රී ධම්මජ්ජෝති, පූජ්‍යතර කපුගම ශ්‍රී ධම්මක්ඛන්ධ, පූජ්‍යතර කතළුවේ ශ්‍රී ගුණරතන, පූජ්‍යතර අත්තුඩාවේ ශ්‍රී ධම්මරක්ඛිත යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් මහා නිකායක් වශයෙන් ව්‍යාප්ත කෙරිණ.
කරාව හා දුරාව කුල වලට අයත් භික්ෂුන්වහන්සේලාද බුරුමය වෙත ගොස් උපසම්පදාව ලබාගත් අතර, 1810 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව අමරපුර නිකායේ උපසම්පදාව පිළිගන්නා බවට නිවේදනයක් නිකුත් කළේය. නමුත් සියම් නිකාය විසින් බුදුදහමට පටහැනිව සිදුකල මෙම ක්‍රියාව හේතුවෙන් කුල වශයෙන් බෙදීමට ලක්විය.
අමරපුර නිකායේ ආරම්භය ශ්‍රී ලාංකික බුදුදහමේ හා සමාජයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පළමුවරට රාජ්‍ය අනුග්‍රහය රහිතව බුදුදහම වෙනුවෙන් කැපවුනු ගිහි දානපතියන් මුල් වීමෙන් නව නිකායන් බිහිවිය. එම හේතුවෙන් වෙනත් නිකායන් මෙන් නොව අමරපුර නිකාය රාජ්‍ය බලය හා රජතුමාගෙන් නිදහස් විය. ඒ වෙනුවට මධ්‍යම පාන්තික දායකයන් සමඟ වඩාත් සමීපව කටයුතු කලහ. මේ හේතුවෙන් 19 හා 18 වන සියවස් වල මධ්‍යම පංතියේ බලය වැඩි විය. එසේම කුලවාදයට එරෙහි භික්ෂු පරපුරක් මෙතුළින් බිහිවූ අතර මෑත භාගයේදී අමරපුර මහා සංඝ සභාව රාමඤ්ඤ මහා නිකාය හා එක්ව එක් සාමග්‍රී ධර්ම සංඝ සභාවක් ලෙස ස්ථාපිත විය.එය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකිය.
අතීතයේ අනු නිකා කිහිපයකට බෙදුණු අමප්රපුර නිකාය 1960 දශකයේ අගභාගයේදී බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ සහ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ මූලිකත්වයෙන් ඒකරාශී විය. ‘ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාව’ පිහිටුවා 1969 ජුලි 13 වැනි දින මහරගම සිරි වජිරාන ධර්මායතනයේ පිහිටි උපෝසථඝරයේ දී සියලු අමරපුර නිකායට පොදු උසස් පැවිදි කිරීමේ උත්සවයක් පවත්වන ලදී. එම අවස්ථාවට ආණ්ඩුකාර ජනරාල් විලියම් ගොපල්ලව මහතා අනුග්‍රහය දක්වන ලදී. ලංකාව. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව සඳහා උත්තරීතර මහානායක පදවියක් මෙම මුලපිරීමත් සමඟ නිර්මාණය වූ අතර එම ගෞරවනීය පදවිය දැරූ ප්‍රථම භික්ෂුව ලෙස මඩිහේ පඤ්ඤාසීහ හිමියන් පත් කරන ලදී.[3] උත්තරීතර මහානායක පදවියට අමතරව අමරපුර නිකායේ සභාපති තනතුරක් ද නිර්මාණය කර අමරපුර මහාසංඝ සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙස බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් පත් කරන ලදී.[4] 2019 අගෝස්තු 16 දින, අමරපුර සහ රාමඤ්ඤ නිකාය, ශ්‍රී ලංකාවේ විශාලතම බෞද්ධ සහෝදරත්වය බවට පත් කරමින්, අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස ඒකාබද්ධ කරන ලදී.[1]
අමරපුර නිකායේ ශ්‍රීමත් මහානායක හිමිවරුන්
# | නම | සිට | දක්වා |
---|---|---|---|
1 | අතිපූජ්‍ය මදිහේ පන්නසීහ හිමි | 1969 ජූලි 13 | 2003 සැප්තැම්බර් 9 |
2 | අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමි | සැප්තැම්බර් 2003 | 3 අප්‍රේල් 2017 |
3 | අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස හිමි | 3 අගෝස්තු 2017 | 22 මාර්තු 2021 |
4 | අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි හිමි | 20 ජූලි 2021 | 16 මැයි 2023 |
5 | අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමි(වැඩබලන) | 16 මැයි 2023 | වර්තමානය |
"උත්තරීතර මහානායක ධුරය" අමරපුර මහා සංඝ සභාව සතු විශේෂ ධුරයකි.
පාර්ශවය | මහානායක හිමි | අනුනායක හිමි |
---|---|---|
සියලු පාර්ශව නියෝජනය කරනු ලබන උත්තරීතර මහානායක ධුරය | කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමි(වැඩබලන) | නොපවතී. |
අමරපුර මහ නිකායේ රාස්සගල පාර්ශ්වය | මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ - උත්තරීතර මහානායක හිමි(වැඩබලන)
ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන,බළංගොඩ |
මහෝපාධ්‍යාය පූජ්‍ය පල්ලේවෙල විසුද්ධාජීව අනුනායක ස්වාමීන් වහන්සේ
ශ්‍රී සුධර්ශනාරාමය,බෙලිහුල්ඔය |
අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශ්වය | ශ්‍රී සරණපාලවංශාලංකාර ආචාර්ය අතිපූජ්‍ය දෙවිනුවර සිරිසුනන්ද මහානායක ස්වාමීන් වහන්සේ
පරම විචිත්‍රාරාම රාජමහා විහාරය,දෙවිනුවර |
1.අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද අනුනායක ස්වාමින් වහන්සේ
(උන්වහන්සේ මහමෙව්නාව මහා සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක ධුරය ද හොඹවනු ලබයි)
අභයභූමි තපෝවනය,කෑගල්ල |
අමරපුර මූලවංශික පාර්ශ්වය | අතිපූජ්‍ය අහුංගල්ලේ විමලධම්මතිස්ස මහානායක හිමි
අම්බරුක්කාරාම මූල මහා විහාරය,බලපිටිය |
1.පූජ්‍ය යෝගියානේ සෝභිතතිස්ස අනුනායක ස්වාමීන් වහන්සේ
ජයසින්දරාරමය,යෝගියා 2.පූජ්‍ය කළුවාමෝදර සීලරතනතිස්ස අනුනායක හිමි කේෂ්ථාසන්න මහා විහාරය,අලුත්ගම |
අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශවය | අතිපූජ්‍ය අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක හිමි
රංගිරි උල්පත් රජමහා විහාරය, ත්‍රිකුණාමලය |
පූජ්‍ය කොස්ගොඩ සුභූති අනුනායක හිමි
සංඝරාජ විහාරය, අම්බලන්ගොඩ |
උඩරට අමරපුර පාර්ශ්වය | මහෝපාධ්‍යාය පූජ්‍ය නිකපොත චන්දජෝති (වැඩබලන මහානායක) ස්වාමින්වහන්සේ
ඥාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය, මාදිවෙල, |
නොපවතී. |
අමරපුර පාර්ශ්වය | මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කහපොළ සුගතරතන මහානායක ස්වාමීන් වහන්සේ
රන්කොත් විහාරය,පානදුර |
නොපවතී. |
ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වය | අතිපූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස මහානායක ස්වාමින්වහන්සේ
ශ්‍රී ඉසිපතනාරාමය,වින්සන්ට් පෙරේරා මාවත, කොළඹ 14 |
පූජ්‍ය රන්දොඹේ සුමනාලෝකතිස්ස අනුනායක ස්වාමින් වහන්සේ
එනසරුක්ඛාරාමය,නවුත්තුඩුව |
අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත නිකාය | අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ
සිරි වජිරාරාමය,කොළඹ 05 |
පූජ්‍ය වටගෙදර විමලබුද්ධි අනුනායක ස්වාමින් වහන්සේ
සිරි පඤ්ඤාතිලකාරාමය,මහරගම |
අමරපුර සද්ධම්මයුක්තික මාතර පාර්ශ්වය | පූජ්‍ය අම්බලන්ගොඩ සුධම්ම මහානායක ස්වාමින් වහන්සේ
ශ්‍රී විජයාරාමය,අම්බලන්ගොඩ |
නොපවතී. |
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වය | අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි තිස්ස මහානායක ස්වාමීන් වහන්සේ
විද්‍යාසාගර පිරිවෙන, රිදීගම |
1.පූජ්‍ය වල්පොල විමලඥාන අනුනායක ස්වාමින්වහන්සේ
ශ්‍රී ගංගාරාම මහ විහාරය,පෑලියගොඩ 2.පූජ්‍ය නවගමුවේ රේවත නායක ස්වාමින්වහන්සේ ශ්‍රී පුෂ්පාරාමය,පැපිලියවෙල 3.පූජ්‍ය ඉහළමුල්ලේ සුගුණවංශ අනුනායක ස්වාමින්වහන්සේ ශ්‍රී බෝධිරාජාරාම මූලමහා විහාරය,අංකුඹුර |
අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වය | පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර මහානායක ස්වාමීන් වහන්සේ
ශ්‍රී සාරිපුත්තාරාමය,නාරාහේන්පිට, කොළඹ 08 | |
අමරපුර සිරිසුමන (දඩලු) පාර්ශ්වය | අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන් වහනසේ
ශ්‍රී දෙව්රම් මහා විහාරය,පන්නිපිටිය |
1.පූජ්‍ය කථලුවේ රතනසීහ අනුනායක ස්වාමින්වහන්සේ
ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරය,මොරටුව 2.පූජ්‍ය පල්ලේපොල දේවානන්ද අනුනායක ස්වාමින්වහන්සේ ශ්‍රී ජයන්ති මහා විහාරය,ගලලියද්ද,මාබෝවල |
අමරපුර චූලගන්ඨි පාර්ශ්වය | අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමින් වහන්සේ
උල්ගල පුරාණ විහාරය,ගන්තුන |
1.අතිපූජ්‍ය කරව්වේ විජයතිස්ස අනුනායක ස්වාමීන් වහන්සේ
නන්දන විහාරය,පිටිගල 2.පූජ්‍ය වැලිතර අමරනන්ද අනූනායක ස්වාමින් වහන්සේ පුලිිනතරාමය,අහුංගල්ල 3.අතිපූජ්‍ය රදාවඩුන්නේ අස්සජි අනුනායක ස්වාමින් වහන්සේ පාරමී ධර්මාශ්‍රමය,රදාවඩුන්න |
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වය | අතිපුජ්‍ය කදන්ගොඩ සද්ධානන්ද (වැඩබලන මහානායක) ස්වාමීන් වහන්සේ
ශ්‍රී ශෛාරාම මහා විහාරය,බලංගොඩ |
පූජ්‍ය පලීගල නාරද අනුනායක ස්වාමින් වහන්සේ
ශ්‍රී පූෂ්පාරාම අසූමහා ශ්‍රවක මහා විහාරය,ඇහැලියගොඩ. |
අමරපුර මහා නිකාය ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වය | පූජ්‍ය කදන්ගොඩ සමිත මහානායක ස්වාමින් වහන්සේ
ශ්‍රී විජයින්දාරාමය,කහවත්ත |
1.පූජ්‍ය කරවිට සුජාත අනුනායක ස්වාමීන් වහන්සේ
සිරිනිවාසාරාම මූලමහා විහාරය,උඩකරවිට 2.පූජ්‍ය පැල්මඩුල්ලේ රතනසිරි අනුනායක ස්වාමින් වහන්සේ සුදර්මෝදය පිරිවෙන,පැල්මඩුල්ල |
අමරපුර - රාමඤ්ඤ නිකායට ඒකරාශී වීමට පෙර, අමරපුර නිකාය අනුශාසනා 21 කට නොඅඩු ලෙස බෙදා ඇත.[3] මෙම උප නියමයන් කුල භේද සහ ප්‍රාදේශීය වෙනස්කම් ඔස්සේ ගොඩනැගුණු බව විශ්වාස කෙරේ.
මීට අමතරව අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකායට අයත් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ "මහමෙව්නාව මහා සංඝ සභාව" නමින් භික්ෂූන් වහන්සේ 1000කට ආසන්න සංඝ සභාවක් ද පවතී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.