අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට්
From Wikipedia, the free encyclopedia
අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් (හෙවත් අන්ඛෙසෙන්පාටන්-ටා-ෂෙරිට්, “ලාබාල අන්ඛෙසේනපාටන්”) 18වන රාජවංශයේ පුරාතන ඊජිප්තු කුමරියකි.
More information අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් රූපාක්ෂර වලින් ...
| ||||||||||
අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් රූපාක්ෂර වලින් |
---|
Close
අන්ඛෙසේනපාටන් ටැෂෙරිට් සහ තවත් කුමරියක වන මෙරිටාටන් ටැෂෙරිට් යන කුඩා කුමරියන් දෙපළ අක්නාටන්ගේ රාජ්‍ය සමයේ අවසන් කාලයේ දක්නට ලැබෙන්නියන් ය. මේ අතුරින් අවම වශයෙන් එක් කුමරියකගේ පදවි නාමය "රජුගේ මහා භාර්යා [...]ට උපන්, [...] හට උපන්, [...-ටා]ෂෙරිට්" යන ආකාරයෙන් යුතු ය. මෙම අභිලේඛනයේ කුමරියන්ගේ මවගේ සහ මිත්තණියගේ නම් විනාශ වී ඇත.[1][2] අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් පිළිබඳ පුරාවිද්‍යාඥයින් විසින් දැනගත්තේ 1938දී ඇගේ රුව සහ නම සහිත ටලටට් කුට්ටියක් හර්මැපොලිස්වලින් සොයාගත් අවධියේ ය.[තහවුරු කර නොමැත]