වල්ලභ රැජිනක (හෝ අධිරාජයෙකුගේ විෂයයෙහි වල්ලභ අධිරාජිණියක) යනු රාජ්‍ය පාලනයෙහි යෙදෙන රජෙකුගේ භාර්යාව වෙයි. බෲනායි රාජ්‍යයේ, සුල්තාන්ගේ භාර්‍යාව රාජ ඉස්තෙරි ලෙස හැඳින්වෙන අතර පෙන්ගිරන් අනක් යන උපසර්ගය ද භාවිතා වේ. මෙය වල්ලභ රැජින පදවියට අනුරූප වේ. රාජාණ්ඩුවක්ව පැවති සමයේ බල්ගේරියාවේ සාර්වරුන්ගේ බිසෝවරුන් සඳහා ද මෙය අනුරූප ය. වල්ලභ රැජිනක සිය සැමියාගේ සමාජ මට්ටම සහ තත්ත්වයට උරුමකම් කියයි. ඇය රජුගේ රාජ්‍යේශ පදවීන්හි ස්ත්‍රීරූපී නාම දැරුව ද, ඓතිහාසිකව රජුගේ දේශපාලන සහ යුධමය බලයට හිමිකම් කියන්නේ නැත. රාජ්‍යේශයකුගේ සියලු බලයන් සමග තමන්ගේම අයිතියෙන් රාජ්‍ය පාලනය කරන රැජිනක රාජ්‍ය කරන රැජිනක ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් පෙර රාජ්‍යේශයාගේ මරණයෙන් පසුව එම පදවිය උරුම විය හැක.

රජෙකුට බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.

මේවාත් බලන්න

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.