From Wikipedia, the free encyclopedia
අකාබනික රසායනයේදී සංයෝග ඉතා විශාල සංඛ්‍යාවක් ඇති බැවින් එය විවිධ වූ විශ්ලේෂණ ක්‍රම ගණනාවක් සමග සම්බන්ධ වී ඇත. අතීතයේ දී අකාබනික සංයෝගවල ජලීය ද්‍රාවණවල විද්‍යුත් සන්නායකතාවය, ද්‍රවාංකය , ද්‍රාව්‍යතාවය හා ආම්ලිකතාවය වැනි ගුණ පරීක්ෂා කිරීමට ෙනායෙකුත් ක්‍රමවේදයන් යොදා ගන්නා ලදී. නමුත් ක්වොන්ටම් සිද්ධාන්ත පැමිණීමට අනුරූපීවම ඉලෙක්ට්‍රෝනික මෙවලම්වල වැඩි දියුණුවක් සිදුවිය. එහිදී නව අකාබනික රසායන ද්‍රව්‍යවල අංශූන්වල හැදෑරීම් කටයුතු සදහා නව උපකරණ ද නිපදවීය. එම උපකරණ භාවිතයෙන් ගන්නා ලද මිනුම් මගින් සෛද්ධාන්තික කරුණු වඩාත් තහවුරු විය. උදාහරණයක් වශයෙන් මීතේන්වල ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වර්ණාවලිය මගින් ක්ෂේත්‍ර දෙකක් අතර ඉලෙක්ට්‍රෝන දෙකක් මගින් ඇති වන බන්ධනය එනම් කාබන් හා හයිඩ්රජන් අතර ඇතිවන බන්ධනය පෙන්වා දෙන ලදී. මෙහිදී සංයුජතා බන්ධන සිද්ධාන්තය මගින් අයනීකරණය හා ක්‍රියාවලිය පහසුවෙන් පැහැදිලි කිරීමට හැකියාව නොලැබිණි. ඉලෙක්ට්‍රෝන කාක්ෂික වලින් ඉවත් වීම හා නැවත ඇතුල් වීම පහදා දීමට එබදු ක්‍රියාවලින් මඟ පාදා දුන් අතර එයට අණුක කාක්ෂික නියමයද උපකාරීවිණි.
පොදු අනාවරණීය ශිල්පීය ක්‍රම (Common encountered techniques)
· X - කිරණ ස්ඵටික විද්‍යාව මෙම ශිල්පී ක්‍රමය මගින් අණුක ව්‍යුහයේ ත්‍රිමාන හැඩය පිළිබද හැදෑරිය හැක.
· වර්ණාවලීක්ෂයේ විවිධ යෙදීම්
1) පාරජම්බුල වර්ණාවලීක්ෂය ඓතිහාසිකව ඉතා වැදගත් උපකරණයකි. එනම් එය යොදා ගනිමින් බොහෝ අකාබනික මූලද්‍රව්‍ය හදුනාගන්නා ලදී.
2) NMR වර්ණාවලීක්ෂය 1H හා 13C හා අනෙක් NMR න්‍යෂ්ටීන් (11B , 19F , 31P , 195Pt) මූලද්‍රව්‍ය පිළිබද වැදගත් තොරතුරු අනාවරණය කරන ලදී. එනම් NMR වැනි අනු ක්ෂේත්‍ර චුම්භක මගින් මූලද්‍රව්‍යවල ව්‍යුහමය පැවැත්ම හොදින් අනාවරණය කරයි. ප්‍රෝටෝන NMR වැදගත් වන්නේ හයිඩ්රජන් වැනි සැහැල්ලු මූල ද්‍රව්‍ය X - කිරණ ස්ථිතික විද්‍යාව මගින් හදුනාගැනීමට නොහැකි බැවිනි.
3) අධෝරක්ත වර්ණාවලීක්ෂණය මෙය ෙබාහෝ විට යොදාගන්නේ කාබොනයිල් බන්ධ කාණ්ඩ පිළිබද හැදෑරීමටයි.
4) Electron – nuclear double resonance Spectroscopu (ENDOR)
5) Mossbauer spectroscopy
6) ඉලෙක්ට්‍රෝන බැමුම් සම්ප්‍රයුක්තය (Electron –spin resonance) අණුක ක්ෂේත්රීය ලෝහ පරමාණුවල මිණුම් ගැනීමට යොදා ගනී.
7) විද්‍යුත් රසායන විද්‍යාව (Cyclic Voltammetry) චක්‍රීය වොල්ටීයතා මැනීමේ ක්‍රමය මෙම ක්‍රමය භාවිතයෙන් මූල ද්‍රව්‍යවල රෙඩොක්ස් ගු
http://en.wikipedia.org/wiki/Inorganic_chemistry#Characterization_of_inorganic_compounds
Seamless Wikipedia browsing. On steroids.