අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය

From Wikipedia, the free encyclopedia

අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය

ශ්‍රී ලංකාවේ පිහිටි ජාතික උද්‍යානයකි.අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානය පැරකුම් සමුද්රායට ජීවය සපයන දිය දහර ඇරඹෙන ස්ථානය අංගම්මැඩිල්ලයි.සුන්දර අඹන් ගඟ හරහා පෙර රජ දවස බැඳි වේල්ලකින් යෝධ ඇල හරහා පරාක්ර ම සමුද්රයය වෙත ජලය සපයන ස්ථානය හා ඒ අවට ප්ර දේශය ජාතික උද්යාලනයක් බවට පත්ව ඇත්තේ 2006 වසරේදීය.මෙම වනෝද්යාහනයේ වපසරිය හෙක්ටයාර 7829 කි.මෙහි මායිම් වස්ගමුව වනාන්තරය දක්වාම පැතිර පවතී.වස්ගොමුව ජාතික වනෝද්‍යාන‍යේ උතුරු කොනත්, මින්නේරිය ජාතික වනෝද්යාුනයත් එකිනෙක සම්බන්ධ කරනුයේ මෙම අංගම්මැඩිල්ල වන රොදයි.එම නිසා මෙය කදිම අලි මං පෙතකි.මෙහි ඇති අදු කන්ද හා මහයියාව වැව වනෝද්යාගනයේ ජෛව විවිධත්වය වැඩි කිරීමට මහෝපකාරීවේ. මෙහි බුරුත, ක‍ළුවර,කළු මැදිරිය,හල් මිල්ල,පලු,වීර වැනි වටිනා ශාකද, වෙනත් ‍‍ෙඖෂධ වර්ගද බහුලව පවතී.තවද, වන අලින්,මුවන්,ගෝනුන්,වල් ඌරන්,ඉත්තෑවන්,මී මින්නන්,මොණරුන්,වලි කුකුලන් සහ ඉබ්බන්ද සුලභව දැකිය හැක.ජලචර පක්ෂීන්ද මේ වනෝද්යා්නය තුල බොහෝ ලෙස දැකිය හැක.වනගත ඡායාරූප ශිල්පීන්ටද, ගහකොල සතුනට ආදරය කරන සියළු දෙනාටද මෙය ඉතාම වැදගත් ස්ථානයක් වනු නොඅනුමානයි.මෙය රැක ගැනීම ඔබ අප සැමගේ වගකීමකි.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.