Map Graph

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්

මධ්‍යම උස්බිම්

ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුව එහි 34 වෙනි සමුළුව බ්‍රසීලියාහි දී පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් සහ හවායිහි පපහානෝමොකුවාකියා ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කලේය. මෙම උරුමයට සමනළ අඩවිය රක්ෂිතය, හෝටන් තැන්න ජාතික උද්‍යානය, නකල්ස් සංරක්ෂිත වනාන්තරය අයත් වේ. මේවා වැසි වනාන්තර වන අතර උච්චය මුහුදු මට්ටමේ සිට 2,500 මීටර (8,200 ft) දක්වා ළඟා වේ. මෙම ප්‍රදේශය වලස් වඳුරා සහ හෝටන් තැන්න උනහපුලුවා ඇතුළු විවිධ ක්ෂීරපායි ජීවී විශේෂ කිහිපයකටම රැකවරණය සළසයි.

Read article
ගොනුව:Sri_Pada_02.jpg